(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දඹුල්ලේ පටන් ගත් ලංකාවේ පළමු වැනි උෂ්ණත්වය පාලන ගබඩාව වටා පිහිටි ඉඩම් ටික බලෙන් අල්ලා ගන්නට පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එළවළු පලතුරු කල් තබාගැනීම සඳහා සැකසන එම ශීත ගබඩාවේ ඉදිකිරීම් කටයුතු තවම අවසන් වී නැතැයි ද නමුත් ඒ වටා ඇති ඉඩම් මේ වන විටත් පුරවා පෞද්ගලික ඉඩම් යනුවෙන් බෝඩ් ගසමින් සිටින බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.
ගොවි ජනතාවට තිබෙන සම්පතක් මෙලෙස අවභාවිත කරන්නට ඉඩ දිය නොහැකි බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ අදාළ කාරණය සම්බන්ධයෙන් සොයා බලා එය නතර කිරීමට කටයුතු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹුල්ල පැත්තේ මැරකම් කරන්නේ කාගේ කට්ටියද ?
හර්ෂ මැතිතුමා කියන්නෙ තුවාලයක් තියෙන එකාට වේදනාව ඇතිවෙනවා වගේ එතුමාගේ ව්‍යාපෘතිය නාස්ති වෙනවා කියලා තමයි ලංකාවේ ආණ්ඩු වෙනසක් වුණාම අලුතින් පත්වෙලා එන ඇමැතිවරයා හිටපු කෙනා කරපු වටිනා දෙයක් වුනත් අත් හැර දැමීම කරනවා.. හරියට වාසුගේ ජල ව්‍යාපෘති වගේමයි.. මෙහෙම ඇවිල්ලා තමයි අවුරුදු 75 ක් අවසන් වෙන අවස්ථාව වෙද්දීත් ලංකාව පල්ලම් බහින්නේ. එනිසා ඊළඟ මැතිවරණය අවසන් වෙලා ඇමැතිලා පත්කරනවිට අමාත්‍යාංශයේ අරඹා ඇති ව්‍යාපෘති හා අමාත්‍යාංශයේ එතෙක් පැවති ප්‍රගතිය දැක්වෙන විස්තරයක් හිටපු ඇමැතිවරයා හා හිටපු ලේකම් අත්සන් කර අලුත් ඇමැතිවරයාට හා නව ලේකම්ට භාරදීමට ක්‍රමයක් හදන්න ඕන... පිටපතක් ජනාධිපති ලේකම් වෙතත් පිටපතක් විගණකාධිපති වෙතත් දීමට නීතියක් ඇතිකල යුතුයි... එහෙම නොකරනතාක් කල් ජනතා මුදල් නාස්තියක් මිස රටනම් හදන්න බැහැ බැහැ බැහැමයි...
රජයේ නිළධාරියෙක් ස්ථාන මරුවක් අරගෙන ගියාම යම් භාණ්ඩයක් නොදී ගියා කියලා අනුප්‍රාප්තිකයා පැමිණිලි කලොත් එහි වටිනාකම සහ තවත් සියයට ගණනක් අයකිරීම කරනවා. ඒත් දේශපාලුවො කෝටි ප්‍රකෝටි ගණනක් වංචා කලත් විගණන විමසුමක් වෙන්නෙ නැහැ ඒක හරිද ඒ වගේම අතර මැද නතර කරන ව්‍යාපෘති ගැන විගණනයක් වෙනවා කියලා අහන්න ලැබෙන්නේ නැහැ .ලංකාව කවදා නිවැරදි පීල්ලේ පීලිගත වෙයිද මහත්තයෝ