
(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)
රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂ හත්සිය හැට පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටූන් 461 නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ විදේශීය කාන්තාවක ඇතුළු ගුවන් මගීන් සිව් දෙනකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අතරින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි 37 හැවිරිදි චීන ජාතික කාන්තාවක සතුව තිබූ දුම්වැටි 29,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 146 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
ඇය කොළඹ නගරයේ සමාජ ශාලාවක සේවයෙහි නිරත කාන්තාවකි .
එසේම පානදුර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු සහ මතුගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රියැදුරුවරයකුනීතිවිරෝධී ලෙස දුම්වැටි 39,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 195 ක් සිය ගමන් මලු තුළ සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.
පානදුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු සිය ගමන් මලු තුළ සගවා ගෙන තිබූ '' මැන්චෙස්ටර් " වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 24,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 120 ක් තිබී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්වැටි ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි
ලුම්බිණි Sunday, 28 July 2024 10:46 AM
චීන මගීන් සියලු දෙනා පරීක්ෂා කල යුතුයි.