
(අමිල චින්තක ගමගේ)
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දිරිමත් කිරීම සඳහා දුම්රිය සේවකයන්ට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබාදීමට ප්‍රවාහන,මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
දුම්රිය සේවකයන්ගේ අභිමානය වැඩි කිරීමටත්, කාර්යක්ෂමතාව ඉහළ තත්ත්වයට ගෙන ඒමටත් මෙමගින් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කීය.
මේ හරහා රටේ ආර්ථිකයටද යම් බලපෑමක් කිරීමට හැකි වෙතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්... හැබැයි එයාලාට කෝච්චියෙන් යන්න කෝච්චි පාරවලුත් හදලා දෙන්න වෙයි. මොකද මෙයා හිතන් ඉන්නේ හැම දුම්රිය සේවකයාම දුම්රිය නැවතුම් ගාව ගෙවල් හදන් ඉන්නවා කියලා...!
සේදිරිස් ඔබගේ මෝඩකම හොඳින් ප්‍රදර්ශනය වෙනවා...!
ඔය දුම්රිය සේවකයෝ මේ දක්වා කෝච්චියේ ගියේ ටිකට් අරගෙනද?
ගෙදර ළඟ ඉඳන්ම දුම්රිය පොළ නැති වුණාට මේ කාලේ හැටියට ආර්ථික වශයෙන් ලොකු සහනයක් මේකෙන් ලැබෙනවා නේද? අපේ සමහර මිනිසුන්ට කොච්චර සහන දුන්නත් මොකක් හරි ඇදයක් කියනවා.!
දැන් දුම්රිය සේවකයින්ට නොමිලේ කෝච්චියේ යන්න දුන්නම දුම්රිය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවද ? මිට ඉස්සරත් මේ අය කෝච්චියේ ගියේ ටිකට් අරගෙනද ? හුණා කියන්නා සේ කියන්න පුළුවනි ඊලඟ ඡන්දෙදි මේ රට ආයෙත් 3% ට වැටෙනවා. මොකද මහපොළොවේ යතාර්ථයක් නොවන කයිවාරු වලින් මහජනතාවට ලැබෙන සෙතක් නැති නිසා .අනික දැනටම පෙනෙනවා උද්දච්චකම දැන් ඔලුවටත් උඩින් කියලා . අපරාදේ මගේ ඡන්දෙ කියලා හිතෙනවා.