(ඩයනා උදයංගනී)
දුම්රිය ස්ථානාධිපතිවරුන් 50 දෙනකු බඳවා ගැනීමට නියමිතව තිබුණත් සමාන ලකුණු ගත් 16 දෙනෙකු සිටීම නිසා අද (3) පත්වීම් ලබාදුන්නේ 44 දෙනකුට පමණක් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු 150ක් පමණ ඇති නමුත් රාජ්‍ය සේවා කොමිසන් සභාව මගින් අවසර දී ඇත්තේ 50 දෙනකු බඳවාගැනීමට පමණක් බවත් කී ඇමතිවරයා ඊට අදාළව පවත්වා ඇති විභාගයෙන් ලබාගත් ලකුණු අනුපිළිවෙල අනුව ලැයිස්තුවේ 44 වැනියාගෙන් පසු 16 දෙනකුම සමාන ලකුණු ලබා ඇතැයි සඳහන් කළේය.
එම 16 දෙනාම බඳවාගතහොත් 50 ට වැඩි සංඛ්‍යාවක් බඳවාගැනීමට සිදුවන නිසා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගය රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් විමසා පියවරක් ගන්නා බව ද ඇමතිවරයා කීවේය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ස්ථානාධිපතිවරු බඳවාගැනීමේ විභාගය පවත්වා ඇත්තේ 2021 දී වන අතර, ඒ සඳහා 29,000ක් පෙනී සිට ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොතරැයි අදිනව වගේ 16 දෙනාගෙන් 4 දෙනෙකුගේ නම් කුසපත් ක්‍රමයට අදින්න.
එහෙම වෙලාවට කරන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් ඒගැන කියලා අනුමැතිය ගැනීමට ක්‍රියා කිරීම අනෙක නාමාක්ෂරය අනුව අකාරාධී පිලිවෙලට අනුව බදවා ගැනීමට ක්‍රියා කිරීම අඩුව තියෙද්දි අත පුච්චාගන්න එපා කැදයි රැවුලයි දෙකත් බැහැ