IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත් වෙති

 

(යොහාන් භාසුර)

සියලුම දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (23) පස්වරු 6.00 සිට ඉවත් වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරු කටයුතු කරනු ලබන අතර පාර්සල් ප්‍රවාහන කටයුතු මෙන්ම කලින් ආසන වෙන් කිරීමේ කටයුතුවල දුම්රිය ස්ථානාධිපතිවරුන් නියැලෙන්න බව ද චාමර මහතා සඳහන් කළේය.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව පීඩාවකට ලක්ව සිටින මොහොතක මේ දක්වා සේවය සපයන එකම රාජ්‍ය ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුව බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය දෝෂ නිසා හා වෙනත් ආදායම් උපයාගත හැකි මාර්ගයන් හරහා ආදායම් උපයා ගැනීමට පරිපාලනයේ අදක්ෂතාවය මත දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලබන බවත් කසුන් චාමර මහතා සඳහන් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය මේ මොහොතේ මගී ජනයා හරහා ලබා ගැනීමට කටයුතු කිරීම අනුමත නොකරන අතර ඉන්ධන මිලට සාපේක්ෂව දුම්රිය ගාස්තුව යම් මට්ටමකට ඉහළ දැමීම පිළිබඳව විරෝධයක් නොමැති බවත් දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳව මගී ජනතාව යම් ප්‍රමාණවත් කාලයක් තුල දැනුවත් නොකිරීම නිසා නව ගාස්තු අය කර ගැනීමේදී දුම්රිය ස්ථානාධිපතිවරුන් හා මගීන් අතර ගැටළු පැන නැගීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව බවද සඳහන් කරයි.

බොහෝ දුම්රිය ස්ථානවල සාමාන්‍ය ප්‍රවේශපත් තොග කඩිනමින් අවසන් වන බැවින් ඒ සඳහා විකල්ප හා විසඳුම් ලබා දිමට පාලනාධිකාරිය මේ දක්වා අසමත්ව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගාස්තු සංශෝධනය සියයට 60 කින් ඉහල නංවන බව ප්‍රකාශ කිරීම පැහැදිලිවම මගී ජනතාව නොමඟ යවන අසත්‍ය ප්‍රකාශයක් බවත් කසුන් චාමර මහතා කීය.

පෙර රුපියල් 15 ක්ව පැවති ගාස්තුව නව සංශෝධනය මගින් රුපියල් 40 ක් ලෙස සියයට 125 කින් ඉහල නංවා ඇති බවත් ඇතැම් දුම්රිය ස්ථාන අතර නව ගාස්තුව සියයට 350 කින් ඉහල නැංවීමට පාලනාධිකාරිය කටයුතු කර ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

 



අදහස් (5)

දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත් වෙති

Saman Saturday, 23 July 2022 09:44 PM

හැමදේම මිල වැඩිවෙද්දී දුම්රිය ගාස්තු විතරක් වැඩි නොවී තියේවිද..? මේ පාඩුව කෝච්චියක් දැකපු නැති අයත් ගෙවනවා ගාස්තු වැඩි නොකළොත් මේ මහත්තුරු කරන වර්ජන ඉතා අසාධාරණයි...

:       0       1

Sad Saturday, 23 July 2022 09:48 PM

දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා කෝච්චියෙන්ද වැඩට යන්නේ...? නැතිනම් එයාගෙම කෝච්චි එන්ජිමකින්ද...? නැතිනම් තිරික්කලේ ඉස්සරහින්ම " "නාස් " ලණුව දාගෙනද? ලිපියකින් ගණුදෙනු කරලා ප්‍රශ්නය විසඳාගන්නේ නැතිව සාමාන්‍ය ජනතාවට කෲරකම් ක්‍රියාවෙන්ම පෙන්වමින්...!

:       0       1

saman Saturday, 23 July 2022 10:12 PM

මේ වගේ මුස්පේන්තු, මොකක් හරි ප්‍රශ්නයක් අරගෙන, ආයතනය වලපල්ලට යන්න ක්‍රියාකරන අය රාජ්‍ය සේවයේ බහුලයි. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි මේ රටට මේ විපත්තිය වෙලා තියෙන්නේ...

:       0       0

බන්ඩා Sunday, 24 July 2022 07:09 AM

තමන්ට තමන්ගේ දරුවන්ට කන්න දෙන තැන වට්ටන මිනිස්සු..!

:       1       2

Prase Sunday, 24 July 2022 08:58 AM

එහෙනම් ජොබ් එකෙන් වැඩක් නෑ. වහා ඉවත් කරන්න. රටේ ජොබ් නැති තරුණයින්ව බඳවා ගන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site