IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දුම්රිය ස්ථානාධිපති සංගමය 100 වැනි සංවත්සර සමරයි

(යොහාන් භාසුර)

මෙරට රාජ්‍ය වෘත්තීය සමිති තුළ අභිමානවත් සහ පැරණිම වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර 100 ක් සම්පූර්ණ විය .

එම සංගමයේ 100 වැනි සංවත්සර උත්සවය උත්කර්ෂවත් අයුරින් කොළඹ ප්‍රධාන හෝටලයකදී පැවැත්විණි.

1923 වර්ෂයේදී සිලෝන් රේල්වේ ස්ටේශන් මාස්ටර්ස් යූනියන් ලෙස ආරම්භ කළ එම වෘත්තීය සමිතිය පසුව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ලෙස නම් කෙරිණි.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර සියයක් පිරීම නිමිති කරගෙන වැඩසටහන් රැසක් පැවැත්වූ අතර බොරැල්ල දුම්රිය ක්‍රීඩාංගණයේදී සංගීත ප්‍රසංගයක්, ක්‍රිකට් තරගාවලියක් සහ මහරගම අපේක්ෂා රෝහල වෙත අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම එම වැඩසටහන් අතර විය. මෙරට පැරණිතම රාජ්‍ය සේවක වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සාමාජික සංඛ්‍යාව දහසකට අධිකය.

 



අදහස් (5)

දුම්රිය ස්ථානාධිපති සංගමය 100 වැනි සංවත්සර සමරයි

amal Monday, 09 October 2023 07:59 PM

මම හිතුවේ 10000 වැනි ස්ට්‍රයික් එක සමරනවා කියලා...

:       0       2

Lakashan Fernando Monday, 09 October 2023 10:17 PM

අවුරුදු 100ක් ගියත් පාඩු පිට දුවන්නේ සුද්දා හදපු රේල් පීල්ල, සුද්දා හදපු ස්ටෙෂන් ටික, සුද්දාගේ නාම පුවරු, ඉන්දියාවේ නැත්තං චීනේ එංජින්, කොච්චි පෙට්ටි සමඟ දුෂිත - අකාර්යක්ෂම දුම්රිය සේවය. ඔය උත්සවයට යන කොටි ගාණත් අපේ පොකට්

:       0       1

Wca Monday, 09 October 2023 11:38 PM

මුන්ට ගූ ගහන්න ඕනේ අහිංසක මිනිස්සුන්ට කරන අපරාධවලට

:       0       1

Sisira Tuesday, 10 October 2023 06:48 AM

දුමරිය වෘත්තීය සමිතිය මෙරට රාජ්‍ය වෘත්තීය සමිති තුළ අභිමානවත් සහ පැරණිම වෘත්තීය සමිතියක් උවත් දිනපතා දුමරියවල ගමන් කරන මගින් නම් කියන්නේ වෙන කතාවක්

:       0       0

එරන්ද ප්‍රේමරත්න Tuesday, 10 October 2023 07:09 AM

ජනතාව පීඩාවට පත් කරන, තවත් එක් රාජ්‍ය සේවක කණ්ඩායමක් ඔවුනගේ අකාර්යක්ශමතාවයේ සියවන සංවත්සරය සමරයි....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site