(යොහාන් භාසුර)
දුම්රිය බලපත්‍ර සඳහා අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කිරීම, වෙන්කළ ‘ඊ’ ප්‍රවේශපත්‍ර හරහා දුම්රියෙන් ගමන් කිරීමට අවසර දීම සහ සෑම ආසන වෙන් කිරීමක්ම ඕටීපී හරහා තහවුරු කිරීම යන ක්‍රියාවලිය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට පමණක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම ක්‍රියාවලිය ආරම්භ කිරීමේ නිල උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී හෙට (14) පස්වරු 6.30 ට පැවැත්වෙන අතර එය සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට පමණක් ක්‍රියාත්මක වන දිනය පසුව දැනුම්දීමට නියමිතය.
දුම්රිය බලපත්‍ර සඳහා සහ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට දුම්රිය බලපත්‍රලාභින් http://seatreservation.railway.gov.lk/mtktwebslr/ සබැඳිය ඔස්සේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකි බවත් බලපත්‍රයේ අවශ්‍ය තොරතුර පද්ධතියට ඇතුළු කිරීමෙන් පසුව එම තොරතුරුවලට ගැලපෙන පරිදි තම ආසනය අන්තර්ජාලය ඔස්සේ වෙන්කරවා ගැනීමට බලපත්‍ර ලාභීන්ට හැකි අතර ඒ අනුව ප්‍රවේශපත් පත් වෙන් කරවාගැනීමේදී පෝලීම්වල නොසිට තමන් සිටින ස්ථානයේ සිට බලපත්‍ර හරහා රාජ්‍ය සේවකයන්ට ආසන වෙන් කරවා ගැනීමට මේ හරහා අවස්ථාව හිමිවේ.
එකී ආසන වෙන්කිරීම කර දින 7 ක් ඇතුළත හෝ දුම්රිය ගමනට පැය 48 කට පෙර හෝ යන දෙකේ පළමුව එළැඹෙන අවස්ථාවට පෙර බලපත්‍ර හිමියා තම බලපත්‍රය ආසන වෙන්කිරීමේ පහසුකම ඇති දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.
ආසන වෙන් කිරීමේ පද්ධතිය හරහා ලබාගනු ලබන ප්‍රවේශ පත්‍රයක් තවදුරටත් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවයක් නොවන අතර මගියා විසින් මුද්‍රණය කරගත් ප්‍රවේශ පත්‍රය හෝ ප්‍රවේශ පත්‍රයෙහි මෘදු පිටපතක් ප්‍රමාණවත් වේ.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය විශේෂ බලපත්‍ර ඔන්ලයින් හරහා පමණයි
Sachith Wednesday, 13 March 2024 01:40 PM
"ප්‍රවේශ පත්‍රයෙහි මෘදු පිටපතක් ප්‍රමාණවත් වේ" මෙන්න මේක කරනවා නම් ලොකු දෙයක්. දැන් අපි ප්‍රවේශපත්‍රය අරගෙන, ඒ එන අංකය අරගෙන එයාම ස්ටේෂන් හරි, දුරකථන සේවා ආයතනයකට යන්න ඕනෑනේ මුද්‍රිත එක ගන්න..