(යොහාන් භාසුර)
කොළඹ මරදාන දුම්රිය ස්ථානයෙන් අද (31) පස්වරු 4.40 ට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට ලගා වීමේදී සෙමින් වේදිකවට ධාවනය කර වූ යැයි ප්‍රකාශ කරමින් කන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු එම දුම්රියේ රියදුරුට බැණ තර්ජනය කර පහර දුන්නේ යැයි චෝදනාවට එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අදාළ සිද්ධිය පිළිබඳව එම රියදුරු පොලීසිය වෙත පැමිණිලි කිරීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වූ මරදාන පොලීසියේ නිලධාරීන් එම කාන්තාව හා පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
අත්අඩංගුවට පත්ව සිටින කාන්තාව පොලිස් නිලධාරිනියක් බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහර දුන්නා කියනඑක පිළිගන්න බැහැ. බනින්න ඇති... දුම්රිය සේවකයින් සමග සාමාන්‍ය ජනතාවට තරහක් තිබෙනවා. ඒ බව ඔවුන් දැනගන්න ඕනේ...
සීට් අල්ලගන්න ප්ලැට්ෆෝම් එකේ ඉස්සරහම ඉඳලාත් සීට් එකක් අල්ලාගන්න බැරි වුණු දෙන්නෙක් වෙන්න ඇති... !