
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දුම්රිය රියැදුරු මැදිරි වායු සමීකරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී තනුර දිසානායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"නව දුම්රිය බලවේග කට්ටල පහක් ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු අප අරඹා තිබෙනවා.ඒ වගේම දුම්රිය මැදිරි වල මගී පහසුකම් වැඩි කිරීමට ආරම්භ කර තිබෙනවා. දුම්රිය විදුලි පංකා පන්දාහක් ආනයනය කරන්නට කටයුතු කර තිබෙනවා.දුම්රිය මාර්ගවල පීලි බොහෝ කලකින් අලුත් වැඩියා කර නැහැ. මුහුදුබඩ මාර්ගයේ ඉක්මනින් පීලි දිරාපත් වෙනවා. ඒ නිසා රේල් පීලි දොළොස් දහසක් ආනයනය කරන්නට කටයුතු කර තිබෙනවා.දුම්රිය රියැදුරු මැදිරි වායු සමීකරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතුද අප ආරම්භ කර තිබෙනවා. මධ්‍යම බස් නැවතුම්පොළ මෙන්ම දුම්රිය ස්ථාන සීයක් නවීකරණය අරඹා තිබෙනවා. නවීකරණය කියන්නේ තීන්ත ගෑම පමණක් නෙමෙයි. පාලකයන් තමන්ගේ වරප්‍රසාද ගොඩ ගහ ගත්තා මිසක් පොදු පොදු ප්‍රවාහනයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වැඩ කර නැහැ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුම්රිය රියැදුරු මැදිරි ඒ.සී කරයි
Perera Wednesday, 08 October 2025 02:20 PM
එතකොට ගාඩ්මහත්තයාගේ මැදිරියට කුඩම්මාගේ සැලකිළිද?
අරවින්ද මොණරවිල Wednesday, 08 October 2025 03:33 PM
ගාඩ් මහත්තයාට අවන් පතක් දෙනවාලු පවන් සලා ගන්න !