
(සුරංග රාජනායක)
මහනුවර - කොළඹ පැරණිතම ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රියට යොදවා තිබූ පහසුකම් සහිත දුම්රිය ඉවත්කර අඩු පහසුකම් සහිත හා මන්දගාමී දුම්රියක් යෙදවීමෙන් නියමිත වෙලාවට සේවා සඳහා යාමට නොහැකි බව පවසා ඊට විරෝධය දක්වමින් දුම්රිය මගීහු පිරිසක් දුම්රිය තුළම විරෝධතාවක් පැවැත්වූහ.
මෙම දුම්රිය දිනපතා උදෑසන 6.15 මහනුවරින් කොළඹ බලා ධාවනය වන අතර යළි කොළඹ සිට මහනුවර බලා සවස 3.35 ගමන් අරඹයි.
මේ සඳහා යොදවා තිබූ පහසුකම් සහිත එස් 14 දුම්රිය වෙනත් මාර්ගයකට යොදවා පහසුකම් අඩු S 12 දුම්රිය මෙම දුම්රිය ගමන සඳහා යෙදවීම ගැටලුවක් බව විරෝධතාවයේ නිරත වූ මගීහු පැවසූහ.
පෙර පැවැති දුම්රිය නියමිත වෙලාවට කොළඹට ළඟා වුවත් පහසුකම් අඩු මෙම දුම්රිය කොළඹට ළගාවීමේ දී පැයකට වඩා පමාවන බව විරෝධතාවට එක් වූවෝ පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ආසයි දැනගන්න පහසුකම් සහිත දුම්රිය දැම්මේ මොන පාරටද කියලා, තඹුත්තේගම පැත්තේ යන පාරටද?
මේක සම්පූර්ණ ඇත්ත නිල් පාට පරණ කෝච්චිය AC මැදිරි වල සීට් හරිම පහතයි, සීට් බැහැල, කොච්චිය ඇගම හෙල්ලෙනෙවා අද්දනකොට, පහසුකම් හරිම අදුයි. ලැජ්ජයි නුවර යන කෝච්චිය ට කරපු දේ. ආණ්ඩුව ට නරක නාමය එන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කරන ගොන් වැඩවලට
ඒ කියන්නේ මේ දාපු දුම්රිය එකත් වෙන කොහේ හරි ගමන් කළ එකක් ඒත් මගීන්ගෙන් මෙහෙම පෝස්ටර් දැක්කේ නෑ නේ... පොඩ්ඩක් ඉවසන් ඉමු....
අද උදේ 5.45 ට නුවරින් කොළඹට එන්න තිබ්බ අර්ධ සීග්‍රගාමි දුම්රිය අවලංගුයි හේතුව උඩරට මාර්ගයේ පිලිපැනීමක් .. මේ සියයට 90 ක් ස එන්නේ කලින් ආසන වෙන්කරලා. කොළඹට උදේ 9 ට එන්න තියෙන මගීන්. එත් 5.30 ට දුම්රිය පළ ට ආවාම තමයි මගින් දන්නේ දුම්රිය අවලංගුයි කියලා. ආසන වෙන්කරද්දි දුරකථන අංක සේරම ගන්නවා සියයට 5 ක සේවා ගාස්තුවක් ගන්නවා එත් දුම්රිය අවලංගු කියලා මගීට කලින් කෙටි පණිවුඩයක්වත් දාන්න තරම් වගකිමක් මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අයට නෑ මේ දුම්රියේ අද උදේ යන අය 450 ක් විතර දෙන බස් පෝලිමේ ඉදලා පැයක් එකහමාරක් දෙකක් පරක්කු වෙලා කොළඹට ආවා. අඩුම පැය දෙක තුනකට කලින්වත් කිව්වා නම් මිනිස්සුන්ට කලින් බස් එකේ යන්න තිබුණා.
කලින් තිබුණු එස් 14 අයින් කරලා එක ඇල්ල ඔඩේසි දැම්මා දැන් තියෙන්නේ එස් 12 දුම්රියක්... ඒවා පිරිසිදු කරන්නේ නෑ.. ආසන හෙල්ලෙනවා සමහර මැදිරි බර කරත්ත වගේ ගැස්සෙනවා ඉතින් මේ මගීන් කියන කතාව හරි
අපේ ජාතික අභිමානය තමා ශ්‍රී ලන්කන් සුදු අලියා, අපේ ලොක්කාගේ පුතා සේවය කරන්නේ එකේ, එකේ පාඩු පියවන්න පසුගිය වසරේ රනිල් ආණ්ඩුව දීපු ඩොලර් මිලියන 500ට අමතරව මේ වසරේත් මාලිමා ආණ්ඩුව රුපියල් කෝටි 2000ක් දුන්නා ඔබලාට සොරි තමා මොකද කරන්නේ? ඔහොම යමු