(මහින්ද නිශ්ශංක)
පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය කෙරෙන කාර්යාල (ෆවුසි) දුම්රියේ දෙවැනි පන්තියේ මැදිරිවල තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රවලින් ගමන්ගත් මගීන් 30 දෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් වේයන්ගොඩ සිට කොටුව දක්වා සිදුකළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවේදී තුන්වන පන්තියේ ප්රවේශපත්රවලින් දෙවන පන්තියේ මැදිරිවල ගමන් කිරිමේ වරදට මෙම මගීන්ට එක් අයකුට රුපියල් 3040 බැගින් රුපියල් 91,200ක දඩ මුදලක් නියම කළ බවද දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න නියම වැඩක් රජයට අදායම හොයාගන්න දිගටම කරත් හොඳයි.
ඉතා හොදයි. දැන් කියන්නකෝ ඔය පන්ති බලද්දී ඒවායේ යන්න ඇතිවෙන්න ඉඩ තියෙනවද කියලා ? හැබැයි කිසිම දුම්රියක් මගීන් සංඛ්‍යාවට ප්‍රමාණවත් නැහැ.
වැරැද්දකට දඩගහන එක හොඳයි. එ්ත් පහසුකම් තියෙන්න ඕනෑ.. අනිත් පෙට්ටිවල එන්න. ඇත්තම පුදුම දුකක් විදින්නේ වැඩකරන්න එන්න. ඔෆිස් ටයිම් එකේ කවදාවත් හිර නොවී එන්න පුළුවන්ද කාටවත් ට්‍රේන් එකේ...
මෙය වැරදියි. අනුමත කරන්න බැහැ. සුළු වැරදි වලට දඬුවම් නොදුන්නොත් එය ඔඩු දුවනවා. එය සත්‍යයක්. නමුත් තියෙන පහසුකම් ගැන අපට සෑහීමකට පත් වෙන්න පුලුවන්ද? මොවුන්ට පුළුවන් මේවාගේ අයට දඩ ගහන්න විතරයි. මහා පරිමාණයෙන් කරන දේවලට කළු කබායත් යටයි.
අපිට නං ඔච්චර දඩගහන්න එපා. අපි හොඳ ප්‍රවාහන ක්‍රමයක් හදාහන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒවා විසිකරලා දැන් වැඩක් නැහැ. හොරෙන් ගියානම් දඩ ගෙවන්න.
මේවා බොරු වැඩ... කාර්යාල වෙලාවට දුවන දුම්රියවල මගීන්ට ප්‍රමාණවත් ඉඩ නොමැති බැවින්, එවැනි දුම්රියවල පළමුවන හෝ දෙවෙනි පන්ති තිබීමෙන් පලක් නැහැ. මෙවැනි දුම්රියවල එකම ගාස්තුවකට ඕනෙම මැදිරියක ගමන් කිරීමට සැලැස්විය යුතුයි.
තුන්වෙනි පන්තියේ ප්‍රවේශපත්‍ර අරගෙන පාපුවරුවල එල්ලිලා යන අයටයි, දුම්රිය මැදිරිවල පිට පැත්තේයි වහල උඩයි දුම්රිය එන්ජිමේ දෙපැත්තෙයි යන අයටයි මැදිරි ඇතුලේ හිටගෙන යන අයටයි දඩ ගැහුවා නම් මීට වැඩි මුදලක් හොයාගන්න තිබුණා.