(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දුම්රියක් පැමිණෙන තෙක් රත්මලාන දුම්රිය ස්ථානයේ පුටුවක වාඩිවී සිටියදී නින්ද ගිය අතරවාරයේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගමන් බෑගයේ තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනයක්, රත්තරන් මුද්දක්, ගෙල පැලැඳ සිටි පවුම් හයක් බර සුරය සහිත රන් මාලයක් සහ රුපියල් 2000 සහිත පසුම්බිය කොල්ලකා ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානයේ පරීක්ෂණ හා සංවර්ධන කොට්ඨාසයේ රාජකාරි කරන අයෙකි.
උප පොලිස් පරීක්ෂකවරයා මේ සම්බන්ධව ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ.
මේවා සොරාගෙන ගිය පුද්ගලයා ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු මෙම සොරකම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරියකු වශයෙන් මීට වඩා සැලකිලිමත් වූවා නම් අගෙයි. කෙසේ වුවත්, දවස තිස්සේ විවේකයක් නොලබා රාජකාරියේ යෙදී සිට නිවසට යන්න එන්න ඇති. ඒ මහන්සියට නින්ද යන්න ඇති. කුඩ්ඩන් ඉන් ප්‍රයෝජන අරගන්න ඇති.
හරිම අවිවේකී රැකියාවක්... පැය දහයක් දොලහක් හිටගෙන සේවා මුර දෙකක් තුනක් වුනත් එකදිගට කරන්න වෙනවා...
පොලිස් සුද්දා පප්පෙක් වගෙයි පේන්නේ...
මෙවැනි තනතුරක අයෙකුට මෙතරම්ම මිල අධික දේ සාධාරණ ලෙස උපයා ලබාගත හැකිද? දස ලක්ෂයකට වඩා වටිනා දේ රැගෙන රාජකාරියට යාම...
ලෝක බොරුවක්. සමීපව ඇසුරු කරන කෙනෙකුට දෙන්න ඇති.
මට මෙම පුවතට හොඳටම හිනා යනවා