(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි)

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු 1008 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය අද (13) දින පස්වරු 3.40 ට පමණ පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

වටගොඩ සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර 118 වෙනි සැතපුම් කණුව අසල මෙම දුම්රිය පිලි පැනිම සිදු වි ඇති බවත්, පිලි පැනිමට ලක් වු දුම්රිය නැරඹුම් මැදිරිය ගලවා සෙසු මැදිරි සහිතව දුම්රිය කොළඹ කොටුව දක්වා ධාවනය කිරිමට පියවර ගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිමෙන් දුම්රිය මාර්ගයට අලාභ හානි සිදු වි ඇත.

(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)