(තිලකරත්න දිසානායක.)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා දෝශයක් හේතුවෙන්  අද (11) උදෑසන සිදු වූ දුම්රිය ප්‍රමාදය මේ වන විට යථා තත්වයට පත්කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.

ගනේමුල්ල සහ පල්ලේවෙල අතර එම සංඥා දෝෂය  පැවතිණි.

ඒ හේතුවෙන් උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රියන් ධාවනය ප්‍රමාද වූ බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.