
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂිකව අබලි ලෝහ විශාල ප්‍රමාණයක් එකතු වන අතර දැනට එකතු වී පවතින අබලි ලෝහ තොගය ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් බැහැර කිරීම සඳහා 2024-06-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
එහෙත් දේශීය කර්මාන්ත කරුවන්ගේ අමුද්‍රව්‍ය හිඟය සඳහා විසඳුමක් ලෙස ඔවුන්ට ද තරඟකාරී පදනම මත මිල ගණන් ඉදිරිපත් කර අබලි ලෝහ ද්‍රව්‍ය මිල දී ගැනීමට හැකි වන පරිදි ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇතැයි රජය පවසයි.
ඒ අනුව කටයුතු කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අනිවාර්යෙන්ම එන්න ඕනේ. දුම්රිය මාර්ග දෙපැත්තේ කොච්චර පරණ රේල් පීලි ඉබාගාතේ හිටවලා තියෙනවද? අවුරුදු 20කට 30කට කලින් ටෙලිෆෝන් කණු තාමත් එහෛමම දිරනවා. කිසිම වැඩක් නැතුව. දුම්රිය දෙපාර්තතමේන්තුව පොඩි බෝඩ් කෑල්ලක් හිටවන්නත් පාවිච්චි කරන්නේ පරණ රේල් පීලි. මේවා හරියට එකතු කරලා විකිණුවොත් තව කොච්චි පෙට්ටි 50ක් 60ක් එන්න පුළුවන්.
ලංකාවේ අබලි යකඩ ගන්න සමාගම, ඒ අබලි යකඩ වැඩි ගාණට රට යවලා එයා හම්බ කරනවද, නැත්නම් ඒ අබලි යකඩ රට සමාගමට විකුණලා රජය උපයනවද? හිතලා බලන්න.
දේශීය කර්මාන්තකරුවෝ කවුද ඉන්නේ පරණ යකඩ උණු කරන්න? දන්න තරමින් රට පටවන් අය නම් බොහෝමයි.
හොඳ අදහසක්, ඒ වගේම විශේෂයෙන්ම කෞතුක භාණ්ඩ ලෙස රැකගත යුතු ඉපැරණි දුම්රිය එන්ජින් ආදිය පරණ යකඩ වලට විකුණන්න එපා, අපේ රටේ තිබු ඉතාම දුර්ලභ වාෂ්ප දුම්රිය ඇන්ජින් වලින් අද ඉතිරි වී ඇත්තේ දෙකක් තුනක් පමණයි, වගකිව යුතු අයගේ අවදානය යොමු වේවා!
ඇත්තටම මේක හොඳ වැඩක්. SLR සතුව පැරණි යකඩ විශාල ප්‍රමාණයක් ඇත. මේවා විකුණන්න ඕන. නමුත් ඒ සමගම ඓතිහාසික වටිනාකමක් ඇති පැරණි එන්ජින් සංරක්ෂණය කර ප්‍රතිසංස්කරණය කිරීමට කාරුණික අවධානය යොමු කරන්න. මෙම දුම්රිය නැරඹීමට දුම්රිය ලෝලීන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති. ඒ වගේම අපිත් කැමතියි මේවා දැකලා ඉතිහාසය ගැන දැනගන්න.
මේ පුවතේ තියෙන්නේ මේ වසරේ ජූනි මාසයේදි මේ අබලි යකඩ විකුණන්න තීරණය කරා කියලා. ඒ කියන්නේ ඊටත් කලින් තමයි මේ වැඩෙට සූදානම් වෙලා තියෙන්නේ. හැබැයි දැන් වෙලා තියෙන්නෙ කලින් විදේශීය සමාගම් වලටත් දීපු අවස්ථාව දැන් ලංකාවට සීමා කරලා තියෙන එක.