(යොහාන් භාසුර)
දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකීරීම මත අද (30) දිනයේ මේ දක්වා කාර්යාල දුම්රිය ගමන්වාර 16 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය.
දුම්රිය නියාමකවරුන්ගේ මාසිකව ගෙවනු ලබන අතිකාල ප්‍රමාණය සම්පූර්ණ වූ පසු නැවත ඔවුන් සේවය සදහා වාර්තා නොකර ලෙඩ නිවාඩු වාර්තා කරන බවත් මේ ආකාරයට පසුගිය මාස කිහිපයේම දුම්රිය ගමන් වාර අවලංගු කිරීම මත මගී ජනතාව දැඩි අපහාසුතාවයට ලක්වූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පුරුදුවෙන්න බැරි රැකියාවක් නොවේ.ඇයි රියදුරන් සහ නියාමකයන් පුහුණු නොකරන්නේ.
රටේ දුම්රිය දෙපාර්තමේන්තුව තියෙන්නේ එම දෙපාර්තමේන්තුවේ වැඩකරන මිනිස්සුන්ට ජිවන මාර්ගයක් සඳහා මිසක පොදු ප්‍රවාහන සේවයක් සැපයීම සඳහා නොවෙයි . මෙම දෙපාර්තමේන්තුව නඩත්තුකරන්න එහි ආදායම මදිනිසා බදුමුදලුත් යොදවනවලා කරන්නේ ඉහත කාරණය තමයි . ඉඳල හිටලා දුම්රියක් ගියොත් අර කියපු බදුගෙවන මහජනතාවට පුළුවනි ගාස්තුවකුත් ගෙවල දුම්රියක නැගල යන්න . මහා ලොකුවට රට ගැන කැක්කුමකින් කථාකරන බොහෝ අය වරප්‍රසාද වෙනුවෙන් පමණයි ජිවත් වෙන්නේ . ඔය ජවිපෙ නායකයොත් පරිස්සම් උනොත් හොඳයි මොකද එයාලගේ රැලි වලට එන උදවියගෙන් අතිවිශාල පිරිසක් මෙන්න මේවගේ රටගැන හිතන ය නිසා එයාල බලයට ආවත් මේ අය කරන්නේ ඔය වැඩේම තමයි
මොවුන් මහා කාලකන්නි ජාතියක්. මහ ලොකුවට අත්‍යවශ්‍ය සේවාවක් කලා නේද? මේ පාහරයෝ පන්නා දමන්න බැරි ඇයි. මොවුන් පන්නා දැමීම නිසා ඇතිවෙන දුම්රිය ධාවන මගහැරීම් ජනතාව සතුටින් බාර ගනීවි. එසේ නැතතිනම් තුවක්කුව පිටට තියා වැඩ ගන්න. එසේත් නැතිනම් හමුදාවට පුහුණුවක් දෙන්න.