IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දුම්රියේ ගැටී දෙකක් මරුට අයෙක් බේරෙයි

(ඩී.ජී.සුගතපාල)

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථයක් හැපි දෙදෙනකු මියගොස්  එක් අයෙක් දිවි ගලවාගෙන ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ දොඩන්දුව පිංකන්ද පදිංචි ත්‍රී රෝද රථ රියදුරු සහ පිටුපස අසුනේ ගමන් ගත් බූස්ස කැකිල්ලමණ්ඩිය පදිංචි පුද්ගලයෙකි. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රී රෝද රථයේ පිටුපස අසුනේ සිටි අයෙක් එළියට පැන දිවි ගලවාගෙන ඇත.

මියගිය පුද්ගලයා ත්‍රී රෝද රථයෙන්  කුලි ගමනක් යමින් සිටිය දී දිවි බේරාගත් පුද්ගලයා අතරමගදී ත්‍රී රෝද රථයට ගොඩ වී ඇති බවද පොලිසිය පවසයි.

මියගිය අයගේ මළ සිරුරු මරණ පරික්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත ගෙන යන ලද අතර රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (0)

දුම්රියේ ගැටී දෙකක් මරුට අයෙක් බේරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site