
( ජේ.කේ.එල්. චාමින්ද)
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති සමස්ත දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල වලින් සියයට 38ක් එනම් දුම්රිය එන්ජින් 103ක් මෙම වර්ෂයේ (2025) අප්‍රේල් මස වනවිට ධාවනයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති සමස්ත දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංඛ්‍යාව 267කි. ධාවනයෙන් ඉවත්කොට ඇති දුම්රිය එන්ජින් අතුරින් දුම්රිය එන්ජින් 39ක් දුම්රිය නැවතුම්පළ වලද, දුම්රිය එන්ජින් 64ක් රත්මලාන දුම්රිය වැඩපොළෙහි වසර 08ක කාලයක් තිස්සේ නවතා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් සමස්ත දුම්රිය මැදිරි සංඛ්‍යාව 1662කි. ඉන් ඉකුත් වර්ෂයේ දි ධාවනය සදහා යොදවා ඇත්තේ දුම්රිය මැදිරි 1475කි. දුම්රිය ගැල් 1705කින් ධාවනය සදහා යොදවා ඇත්තේ දුම්රිය ගැල් 816ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
දුම්රිය එන්ජිමක ආයුකාලය වසර 40ක් පමණ වන අතර එන්ජින්වල බිද වැටිම අවමකරගැනිමට වසර 20කට පසු මහාපරිමාණ නවිකරණයක් කිරිමේ ක්‍රම වේදයක් අනුගමනය නොකිරිම, අමතර උපාංග සහ කාර්යමණ්ඩල හිගය මේ සදහා හේතුවි ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විගණනයට සදහන් කොට ඇත.
එමෙන්ම පැරණි නොවු එම් 07 හා එම් 09 දුම්රිය එන්ජින්වල අමතර කොටස් නොමැතිවිම, එම් 07 හා එම් 09 එන්ජින් දෙකක් වසර අටක් තිස්සේ ධාවනය නොකොට නතරකොට තිබිම, ධාවනයේ දි එන්ජින් බිදවැටිම, ආදිය අධිකවිම මේයට හේතුවි ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විගණනයට සදහන් කොට ඇත. මේ වනවිට ධාවනයට සුදුසු දුම්රිය එන්ජින් 165කින් ධාවනය වන දුම්රිය එන්ජින් සංඛ්‍යාව 148ක් බවද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විගණනයට සදහන් කොට ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුම්රිය එන්ජින් වලින් 38% ක් ධාවනයෙන් ඉවත් කරලා
Lokka Tuesday, 28 October 2025 02:28 PM
බොරු කතා, ලෝකෙ හොඳම ආන්ඩුව තියන රටක ඔහොම දේවල් වෙන්න පුලුවන්ද?