IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දුමින්ද සිල්වා ජාතික රෝහලට

(යොහාන් භාසුර)

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදකරුවී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කළ  බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

දුමින්ද සිල්වා මහතා පෙරේදා (10) රාත්‍රිය අසනීප තත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට නැවතත් ඇතුළත් කළ බවත් ඉන් අනතුරුව තත්වය බරපතල වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාරය රෝහලේ මාස ගණනාවක් රැඳී සිටි දුමින්ද සිල්වා මහතා වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ අනුව  ඊයේ පෙරවරුවේ එම බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට බන්ධනාගාර බලධාරීහු  පියවර ගත්හ.



අදහස් (8)

දුමින්ද සිල්වා ජාතික රෝහලට

Pradeep Kumara Sunday, 12 January 2025 09:13 AM

මැති ඇමති සහ ඇතැම් ප්‍රභූ යැයි කියා ගන්නා පුද්ගලයින් බන්ධනාගාර ගත වූ පසු ඉතා ඉක්මනින් රෝහල් ගත වීමට තරම් අසනීප වීම ගැන විමර්ශණයක් කලොත් නරකද? එහෙම නැත්නම් මේ කියන අය ඇත්තටම ලෙඩ්ඩුද?

:       20       79

දොන් සේතන් Sunday, 12 January 2025 12:00 PM

ඕවා කරන්න තමයි මොවුන්ට ඡන්දෙ දුන්නේ. නමුත් තාමත් අත ගගා ඉන්නවා මිසක් වැඩක් කරන පාටක් පේන්න නැහැ. මීළඟ ඡන්දෙට කලින් සිස්ටම් එක චේන්ජ් නොකළොත් ඡන්දේ ඉල්ලන්න එළියට බහින්න ඕන වෙන්නේ නැහැ.

:       13       9

බකල ජයාSunday, 12 January 2025 01:12 PM

වෛද්‍ය සහතික දෙන අති අවංක, අදූෂිත, සල්ලිවලට ගන්න බැරි නලාකාරයො ගැනත් හොයනවනං හොඳයි.

:       6       24

පොඩි එකා Sunday, 12 January 2025 10:46 AM

මෙයා එළියට දැම්මා නම් ඔය කියන සියලු රෝග නිවාරණයි. ජාතික රෝහලට දැම්මත් යන්නේ මර්චන්ට්ස් වාට්ටුවට. ඒක නිකන් හෝටලයක් වගේ... මහජන මුදලින්...

:       0       10

ලව්සික් Sunday, 12 January 2025 10:57 AM

හිරුණිකා නෝනාගේ අවධානය පිණිසයි..!

:       0       7

Kazi Shajahan Sunday, 12 January 2025 12:13 PM

දැන් ඉතින් හැමදාම මහ ඉස්පිරිතාල තමයි. බන්ධනාගාර රෝහලට වඩා ඕක හොඳයිනේ. ඒ/සී කාමර, ටීවී, ගෙදරින් කෑම බීම, තව ගෑණියෙක් විතරයි අඩු...

:       7       14

ආයම්මා Sunday, 12 January 2025 05:56 PM

දැං ඉතිං ඔක්කොම පැත්තකින් තියලා මේ බබා නලවපල්ලකෝ..!

:       0       9

Rangalla Gedara Wimalasena Monday, 13 January 2025 12:03 PM

යම් වැරද්දක් සිදු වූ හෝ නැති වූ පුදගලයකු හිර ගේ තබා මොහුගෙන් ජනතාවට ලැබෙන්න තිබූ විශාල සේවාවක් නැති කිරීම සුදුසු නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site