
(රන්ජන් කටුගම්පොළ සහ නිමන්ති රණසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් විණී.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ විදෙස් ගමන් තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අදිකරණය භාරයට ලබා දෙන ලෙසටද අතුරු නියෝගයක් නිකුත් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇගේ මෑණීයන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
යසන්ත කෝදාගොඩ ප්‍රීති පද්මන් සූරසේන අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා රටේ නැහැ… ලොකු අයියා මෙයාව රටින් පිට කලා..
ශ්‍රීලංකාව නැවත යහපත් දේශයක් බවට බවට පත්වෙමින් තිබෙන බව සතුටට කරුණක්
ජනපති සමාව අහෝසි කරන්න උසාවියට බලය තියනවද .නීතිය දන්නා කෙනෙක් පැහැදිලි කරන්න පුලුවන්ද?
තවත් ඉන්නවා මේ වගේ සමාව ගත්තු අය
මිනීමරුවෙකුව හිරෙන් නිදහස් කරලා රජයේ රැකියාවකුත් ලබා දුන්න අමන පාලකයෙක් රජකරන රටක් මේක. බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා? මේ වතාවෙත්, බල්ලාගේ නීතියද ගරු අධිකරණයේ නීතියද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.
බලාගෙන ගියාම ජනාධිපති උනත් මේ අපි වගේම තමයි
ව්‍යවස්ථා වට අනුව ජනපතිට තිබෙන් නීතී ප්‍රතිපාදන හා බලය අනුව නේද ජනපති සමාව ඔහුට හිමි උනේ.මේ ලෙසම හිටපු ජනාධිපති සිරිසේන මහත්මයත් අයෙකුව.නිදහස් කලා නේ ද? එයත් මේ අනුව අභීයෝගය ට ලක් කල හැකි ද?
21 මොකට ගේනවද? විධායක බලතල මෙසේ බාල්දු වන කල..
බල්ලට ගිය රටකට නීතිය ගැන මොන කතාද?
නියම තීන්දුවක්