(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව නිල වශයෙන් දැනුම් දීම සඳහා පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සහ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා අද (9) අනුරාධපුරයේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ ජන හමුවට සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දේශපාලනය පුදුමයි....................
දුමින්ද ඇත්තටම යයිද ?
දැන් දුමින්ද හොඳ ළමයෙක්. අර ගොඩනැගිල්ලක් ඇහැටවත් දැකලා නැහැ.
බලනකොට කුමාර වෙල්ගමට පමණයි කොන්දක් තියන්නේ.
ලජ්ජා නැති උනාම මොනවද කරන්න බැරි?
මහා අපරාධයක්. ඩීල් දාගන්නවා. ජනතාව ගොනාට අන්දවනවා. මේ පාරවත් ඕක පරදවමු. තුන්වන බලවේගයට ඡන්දය දෙමු.
නියමයි එල දැන් යු එන් පිය ට උන හැදෙන්නේ.
මේක ලජ්ජා නැති කමක් නෙමේ. රටත් ජාතියත් ආගමත්. අන්තවාදී සුළු ජාතින් නියෝජනය කරන ... අන්තර් ජාතික ආගමික සහයෝගය / සාමය ... බිදවන දේශ පාලන නායකත්වය එරෙහිව ගත්තු හොද තීරණයක්. පක්ෂයේ නිර්මාතෘවර බණ්ඩාරනායක මහතාටත් / සිරිමාවෝ මැතිනියටත් කරන අගෞරවයක් නෙමේ.
රාජපක්ෂ ලාව දිනවන්න දුමින්ද වේදිකාවට ගොඩවෙන්න කෝ .....කෝ ....කෝ ...ම ....ද ...?
මෙන්න වැඩක් පුදු ම 7 ක්
ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයි දුමින්ද මහත්තයෝ .
තුන්වැනි බලවේගයට බලයට එන්න බෑ.. ප්‍රධාන පක්ෂ දෙක අතරෙ තමයි බොහෝ දුරට බලය දෝලනය වෙන්නෙ..
තුන් දෙනාම කතා කරන්නේ ශ්‍රී මුකයෙන් ද?
අවේ හොඳ හිතින් නම් ඒ අය පිළිගනීවි.
දුමින්ද ඇත්තටම බර්ටි මහා ඇමති තුමාගේ පුතා ද , දන්නේ නැති නිසයි අහන්නේ .
ගෝටා දින්නම අපි බලමු දුමින්දට වෙන දේ
මේගොල්ලෝ මෙහෙම හැසිරෙන්නේ, රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරන විදිය දන්න නිසයි. එහෙට මෙහෙට පැන පැන ඉන්න ගෙම්බෝ ටික නම් අනිවාර්යයෙන්ම ඊළඟ මහ මැතිවරණයේදී ගෙදර එවන්ඩ ඕනි.
රෙදි ඇදගෙනද දන්නේ නැහැ වෙධිකාවට නගින්නේ.?
මට පෙනෙන විදියට මේ අයට විතරක් නොවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටම ලැජ්ජා නැහැ.. නැත්නම් තමන්ගේ ප්‍රතිපත්ති පාවලා දීලා පක්ෂයෙන් අයින් වෙච්ච කට්ටියට සහයෝගේ දෙනවද?
දැන් පවුලේ වහල් ජනයට සභිතා මතකත් නැහැ දුමින්ද මතකත් නැහැ.
ඉතිහාසයේ සිදුවූ දෙය නැවත නැවත සිදුවේ. වරක් විගඩමක් ලෙසින් සහ ඛේදවාචකයක් ලෙසින් යැයි මාක්ස් පවසා ඇත. මේ නාඩගමක් ලෙසිනි. ඛේදවාචකය නුදුරේ බලාගත හැක
මගේ නම් මතය දුමින්දව වද්දගන්න ඕනේ නැහැ. අර කව්ද කිව්ව වගේ ලබන ඡන්දෙන් ගෙදරම තමා
වැලේ වැල් නැති උනාම වෙන මොනවා කරන්නද.
ශ්‍රී ලංකාව ශ්‍රී රාජපක්ෂ ලංකාව වේවී ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද එල්ලෙන්නේ කියලා බලාගෙනයි හිටියේ...
සබීතා කිව්වද දන්නේ නෑ යන්න කියලා...
මොකක් හරි හේතුවක් හින්දා අමුඩේ අමතක වෙලා තිබියන්...