(ඉන්දිකා  රාමනායක)

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිදු කරන ලද ප්‍රකාශයක සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුවට එරෙහිව මහජන ආරක්ෂක අමාත්‍යා ටිරාන් අලස් මහතා  අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

නාගමුව මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ටිරාන් අලස් මහතා ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ  දූපතක මුදල් ආයෝජනය කර ඇති  බව පසුගිය 12 දින ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ප්‍රකාශයක් සම්බන්ධයෙන්  විමර්ශන සිදුකරන ලෙසට  ඉල්ලා  අමාත්‍යවරයා  මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර සිටියේ තමා සැමවිටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් බවත් මෙම සිද්ධියේදීද එය එසේම ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තු වන අමාත්‍යවරයා සිය පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

මෙවැනි චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාවය ජනතාව කඩිනමින් දැනගත යුතුබව අමාත්‍යවරයා වැඩිදුරටත්   දැනුම් දී ඇත.