(දඹුල්ල  කාංචන කුමාර ආරියදාස )

වයස අවුරුදු 13 සහ 12ක පාසැල් සිසුන් දෙදෙනෙකුගේ සැකය නිසා තු ර් කි  තරුණියකගේ මුදල් බෑගය කොල්ලකා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු අද (26) දින විනාඩි 45  ක් ඇතුළත අත්අඩංගුවට ගැනීම්ට හැකි වූ බව සීගිරිය පොලිසිය කියයි.

තු ර් කි යේ  සිටි මෙරටට පැමිණි 22 හැවිරිදි තරුණියක්  සිගිරිය ප්ර දේශ්යේ ලැගුම්හල නැවතී අද 26 දින උදෑසන සීගිරි පව්ව නැඟ නැවත ලැගුම්හලට  ගමන් කරමින් සිටියියදී  යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඇය සතුව තිබූ මුදල් පසුම්බිය  පැහැරගෙන  තරුණියට ද පහර දී පලාගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

කොල්ලකරුවන්ගේ පහරකෑමට සහ ඔවුන් සමඟ පොර බැඳීමෙන් සිදුවූ තුවාල හේතුවෙන්  මෙරටට පැමිණි සංචාරක තරුණිය ප්රකතිකාර සඳහා මේ වන විට සීගිරිය රෝහලේ   හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

සීගිරි පව්ව තරණය කිරීමෙන් අනතුරුව තු ර් කි  ජාතික  සංචාරක යුවතිය පාගමනින් තමන් නැවතී සිටින සීගිරිය කලාපුරය ප්රරදේශයේ ලැගුම්හල්ට අතුරු පාරක් දිගේ ගමන් කරමින් සිටියදී එකවරම   යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඇයගේ කරේ දමාගෙන සිටි මුදල් පසුම්බිය සහිත බෑග්ය උදුරා ගැනීමට තැත් කිරීමේදී ඔවුන් සමග මෙම යුවතිය පොරබදා එම ස්ථානයේ ඇද වැටී ඇතැයි පසුව ඇයගේ විලාපය මත ලැගුම්හලේ භාරකාර  කාන්තාව  පැමිණ අවට අයට මේ බව දැනුම් දී ඇති බව පොලිසිය පවසයි.

අධික වේගයෙන් එම මාර්ගයේ පලා  ගිය යතුරුපැදිකරුවන් මද දුරක් යද්දී පාසල් මිතුරන් දෙදෙනකු 
සෙල්ලම් කරමින් සිට  ඇති අතර කලබලයකින් යුතුව ධාවනය වන මෙම යතුරුපැදිකරුවන් පිළිබදව සැකයක් මතුවී මිතුරන් දෙදෙනා එම යතුරුපැදියේ අංකය සටහන් කර ගෙන තිබේ.

පසුව   මෙම දරුවන් දෙදෙනා වහාම  ඒ බව නිවැසියන්ට දැනුම් දෙන්නට දිව එද්දී එම ස්ථානයේ විදෙස් කාන්තාවගේ මුදල් පසුම්බිය රැගෙන ගොස් ඇති බව දැනගෙන වහාම හෝටල් හිමි කාන්තාවට ඒ බව දැනුම් දී ඇති බව පොලිසිය පවසයි.

පසුව ඇය සීගිරිය පොලීසියට මේ බව දැනුම් දීමෙන්  සීගිරිය පොලිසියේ නිලධාරින් යුහුසුළුව එම ස්ථානයට පැමිණ කුඩා යහළුවන් දෙදෙනාගෙන් ලබාගත්  තොරතුරු සමග  විනාඩි 45 ක් ඇතුළත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.