
(විමුක්ති එස් රුද්‍රිගු)
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (04) පිටතට පැමිණෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.
එම චෝදනාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන මඟහැර සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අධිකරණයට බාර වීම සඳහා අද (04) උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියහ .එම අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා ඔවුන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටීම සඳහා මෝසමක් ගොනු කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් අවසර ඉල්ලා සිටියත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
ඇප පනතේ 7 වැනි වගන්තියට අනුව පුද්ගලයෙකුට පොලිසියට බාර නොවී අධිකරණයට බාර වීමට අයිතියක් තිබෙන බවත් ඒ අනුව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අධිකරණයට බාර වීම සඳහා අද (04) කොටුව අධිකරණ භූමියට පැමිණි බවත් නීතිඥ අජිත් පතිරණ මහතා ප්‍රකාශ කළේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමට පැමිණියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසම සඳහා පෙනී නොසිටි බව නීතිඥ අජිත් පතිරණ මහතා පැවැසුවේය.කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු විභාගවන දිනය නොවන බැවින් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව නීතිඥ අජිත් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අධිකරණ භූමියෙන් පිටත එන අවස්ථාවේදී ඔවුන්ව අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැලකිය යුතු පිරිසක් අධිකරණ භූමියෙන් පිටත රැඳී සිටියේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයට ජාතියේ මාතාව වෙලා හිටි නිසා N.G.O. වලින් ලැබුණු සල්ලි මදි වෙලාද දන්නෙ නෑ. අහිංසක මිනිසුන් රවටලා සල්ලි හෙව්වෙ.
ඩීල් එකක් දාලා එන්න ඇත්තේ භාර වෙන්න !
ඇති යන්තම් ලක් අම්මා හම්බ උනා
හම්මේ ලොකු හපන්කමක් කරලා වගේ දවස් ගානක් හැංගිලා ඉඳලා අත උස්සලා යන ලස්සන
පුද්ගලික පලිගැනීම් වලට ඉතා අසාධාරණ ලෙස නඩු පටලවා රට වැසියන් අත්අඩංගුවට ගන්නා ඔය සී.අයි.ඩී. කියන පාතාලයේ වර්තමානයේ ඉන්න පාතාලයින් නව රජයක් යටතේ අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් දිය යුතුයි!
හරියට ඩයනා, ගුවන්ගත වෙනවා වගේ ලැජ්ජා නහරය කපලා තමයි එනවා ඇත්තේ... දේශපාලනය, රට යවන බව කියන හොර ආයතන, අහිංසක දුප්පත් ජනයාගෙන් සූරා කන චැනල් දොස්තරයින් වැනි හොර මගඩි වලට...!
හොරු හිනාවෙලා අතවනලා හිරේ යන එකම රට...!
මෙයාට මුකුත් වෙන්නේ නැහැ. නිකම් රඟපෑමක් විතරයි. තව ටික දවසකින් නිදොස් කොට නිදහස්.
බලන්නකෝ වංචා කරලා ශතකයක් රැස්කලා වගේ අත උස්සන්නේ.
රැට්ටා, පරට්ටා, මොටීවේශන් අප්පච්චි ඉන්න තැනකින් එන්න. මේ ලක් අම්ම්ට අමාරුයි. පේනවනේ ඉන්න හැටි. නැත්නම් වෙන්න ජනපති පුතා හරි ඉක්මනට එන්න. මෙයාව බේරාගන්න.
මම මේ බලාගෙන ඉන්නෙ මාස හයකට විතර ඇතුළට දාන්නේ මොන මොහොතක ද කියලා. සුදු ඇඳගෙන කලු ඇවිදින්...!
කොහේ හිටපු මොනවා දන්න අයද මේ. එන්නේ රට හදන්නලු. එන්න ඉස්සරම හොරකම පටන් අරගෙන. මේ රූපෙට ගොඩක් සමාන කෙනෙක් 90 දශකයේ අගභාගයේ දී පරණ වොල්වෝ කාර් කටුවක නැගලා නුගේගොඩ අවට රැයක් දවාලක් නැතිව රවුම් ගහපු හැටී අපිට මතකයි.
අරගලය කාලේ මාධ්‍යකාරයෝ උඩ දාගෙන වර්ණනා කලේ මේ පට්ට හෙර නේද?
අරගල තොවිලේ කාලේ මේ හෙර, වීර මාතාවක් විදිහට කරන්න හදපු කාන්තා රත්න එන්නේ නැද්ද? මෙයාගේ "මානව අයිතිවාසිකම්" ගැන කතා කරන්න? ජෙපි ක්ලික් බලකායට දැන් පුළුවන් ඇවිස්සෙන්න. මේ කොමෙන්ටුවට එකසිය ගානට "ඩිස්ලයික්" දාන්න. දන්නා එකම දේ එපමණ නිසාත් එම බත්බැල කණ්ඩායම සමග අපගේ අරෝවක් නැත...
හොඳ රඟපෑමක් කරලා තියෙන්නේ...!
අයියෝ සල්ලි...!
දැන් ඇත්තටම ජිනා මැඩම් වුණා...
සිරිලංකා පොලොස් මාමිලා චෝදනා කරපු පමණින් ඒවා ඇත්ත වෙන්නේ නැහැ... ගොඩාක් වේලාවට එක එක පළිගැනීම් කරන්න පොලීසිය බොරු චෝදනා දාලා රිමාන්ඩ් කරන බව ඔබේ හය හතර නොදත් ළදරුවාට කියා දෙන්න...