IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දෙමටපැලැස්ස රක්ෂිතයේ වළකට වැටුණු අලි පැටවා උඩවලට ඇත්අතුරු සෙවණට

(ප්‍රසාද් රුක්මල්)
 
කොස්ලන්ද මහලන්ද දෙමට පැලස්ස වන රක්ෂිතයේ කුඩා වළකට වැටී අතරමං වී සිටි සතියක් පමණ වයස අලි පැටවෙකු ඉන් ගොඩට ගෙන වනජීවි නිලධාරීන්ගේ මාර්ගයෙන් උඩවලව ඇත්අතුරු සෙවනට බාරදුන් බව කොස්ලන්ද පොලිසිය පවසයි.
 
මහලන්ද දෙමටපැලස්ස වන රක්ෂිතයට නුදුරින් කෙසෙල් වගාවක වැඩකරමින් සිටි පිරිසකට වනරක්ෂිතය දෙසින් අලි පැටවෙකු කෑගසන ශබ්දයක් ඇසී ඒ පිළිබඳව සොයා බැලීමේදී කුඩා වළකට වැටී සිටි අලි පැටවා දැක ඇත. වලින් ගොඩට ගෙන, ඔවුන්කසෙල් වගාවේ වාඩියට සුරක්ෂිතව මෙම අලි පැටවා රැගෙනවිත් කොස්ලන්ද පොලිසියට දැන්වූ බව කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නසිරි බණ්ඩාර මහතා කීය.
 
හල්දුම්මුල්ල වනජීවි නිලධාරීන් සමඟ කොස්ලන්ද පොලිසියේ නිලධාරීන් කිලෝමීටර් 3ක පමණ දුර පාගමනින් දෙමටපැලස්ස වන රක්ෂිතයට ගොස් මෙම කුඩා අලි පැටවා තම බාරයට ගෙන තිබේ. පසුව ඒ පිළිබඳව උඩවලව ඇත් අතුරු සෙවනට දැනුම් දී තිබිණි. වෛද්‍ය මාලක අබේවර්ධන මහතා පැමිණ අලි පැටවාට අවශ්‍ය සාත්තු සප්පායම් කර එම අලි පැටවා උඩවලව ඇත්අතුරු සෙවණට රැගෙන ගිය බව පොලිසිය සදහන් කළේය.
 



අදහස් (5)

දෙමටපැලැස්ස රක්ෂිතයේ වළකට වැටුණු අලි පැටවා උඩවලට ඇත්අතුරු සෙවණට

ලුම්බිණි Wednesday, 09 December 2020 04:51 AM

ඉතාම වටිනා දෙයක් කරලා තිබෙන්නේ... අපේ ප්‍රණාමය.

:       0       0

කසුන් - ගම්පහ Wednesday, 09 December 2020 06:56 AM

මේ පැටියගේ අම්මා එයාව හොයනවා ඇති....

:       0       0

beau Wednesday, 09 December 2020 07:19 AM

අනේ පව්, පැටවාගේ අම්මා... එයාව වලේ දාලා ගිහිල්ලා වගේ. කන්න බොන්න දෙන්න අමාරුයි කියලා. මානවයින්ගෙන් පුරුදු වෙලා තමයි.

:       0       0

sampath Wednesday, 09 December 2020 02:38 PM

පැටියා වලට වැටුණාම ඒ සතාව ගොඩගත්තාම මදිද? ඇයි ඒ සතාව අරන් වෙන තැනකට ගෙනියන්නේ..? මහ විකාර වැඩක්නේ..

:       3       3

dilip Thursday, 10 December 2020 08:04 AM

ඔව්, අනිවාර්යයෙන් උගේ අම්මා එනවා හොයාගෙන ... කොච්චර දුක ඇතිද? දැන් පැටියාව මැරෙනකල් බලාගන්න එපෑයෑ. ඇත්තටම ලංකාවෙ එවුන්ට පිස්සු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 17 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 14 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 731 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site