(ගයාන් සූරියආරච්චි)
මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියේ ගැටී පාසල් සිසුවකු මියගොස් ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි.
මෙම සිසුවා පාසල නිමවී උපකාරක පන්තියකට සහභාගිවීම සදහා කොළඹ කොටුව දෙසට පැමිණ ඇති බවට දැනට වාර්තා වේ.
දෙමටගොඩ දුම්රිය අංගනය අසලදී එම සිසුවා දුම්රියේ ගැටී ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ගේ මෙන්ම මහමග මියයන සියළු මිනිසුන් රටේ පණ නළ වන්නේය. හදිසි අනතුරු සහ ජීවිත හානි නිසා පවුලකට මෙන්ම රටට වන්නේ විශාල හානියකි. එය උතුරේ තිබූ යුද්ධයට වඩා භයානකයි. පොලිසිය, රථවාහන දෙපාර්තමේන්තුව, මහාමාර්ග සහ දුම්රිය අධිකාරිය යන සියලු අංශ සහ සෞඛ්‍ය සේවා සමග ඒකාබද්ධව විශේෂ වැඩ පිළිවෙලක් අඛණ්ඩව ක්‍රියාත්මක කොට මෙම සිදුවිම් අවම කරගැනීමට ක්‍රියා කළ යුතුයි. එවැනි උත්සාහයක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ කළබව මතකයි. එහෙත් එය අසම්පූර්ණ වැඩ සටහනක් ලෙස අක්‍රීය විය. ඒ සඳහා නව නීති රීති, ආයතනික ව්‍යුහය මෙන්ම මහජන ආකල්ප වලද වෙනසක් අවශ්‍ය වන්නේය...