(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරය දැරූ සමයේදී  එවකට නීතිපති දප්පුල ද ලිවේරා මහතා  තවත් වසරක සේවා දිගුවක් ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා එය නුදුන් නිසා පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවකු සිටින බව පවසා රටම ගිනි තබා ගෙදර ගියේ යැයි  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී   පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලීසිය උත්සාහ ගත් අවස්ථාවේදී ඔහු  අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ගත් බව පැවසූ  අමාත්‍යවරයා මේ රටේ හිඟන්නකු  හරි තොරතුරු වසන් කළේ නම් ඔහුට විරුද්ධව නඩු අසා හිරේ දමන බවද  ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ  විවාදයේදීය.