(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විදේශ ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 4074ක් ඉදිකිරීමේ ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොළඹ නාරාහේන්පිට, කොළඹගේ මාවතේ නිවාස 624ක්, ස්ටේඩියම් ගම නිවාස 1000ක්, ඇපල්වත්ත නිවාස 700ක්,ෆර්ගසන් රෝඩ් නිවාස 750ක්, මාදම්පිටිය නිවාස 700ක්,ඔබේසේකරපුර නිවාස 300ක් මේ වනවිට ඉදිකරමින් පවතින බව අමාත්‍යාංශය සඳහන් කරයි.ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව මෙි සඳහා ඇමරිකා ඩොලර් මිලියන 158 ණය ආධාර ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකමැත්තෙන් හරි චන්දෙ තියන්න උනොත් කපෝතියි , ඉක්මන් කරපන් බං.. ඉක්මන් කරපන්
ගසා කෑම වෙගවත් කිරීමටද, නැත්තම් මුදල් වර්ෂ ඉවර වෙන්න කළින් මුදල් වාෂ්ප වෙන්නද! අපි නොදන්න වේගවත් සංවර්ධනය මේ බංකොලොත් රටෙ
අනේ ඔව්. මෙහා හරිම උනන්දුවෙන් අර දියවන්නාවේ ඉන්න දුපත්පත් හොරුන්ගේ ගෙවල් නම් හදනව කියලා අපි දන්නවා.
උන්ට මාලිගාවල් හදාගෙන. අනුන්ට මොකක් හරි අටවල දේවි
මෙයාටත් ලොකු කප්පමක් හම්බ වෙනවා ඇති.
කප්පම් රනේ දුප්පතුන් ගැන කතා කරනව , කොයි පැත්තෙන්ද හිනාවෙන්න ඔි්නෙ