
(අයි ආර් ඉන්දික)
ඔක්කොම හොද වුණ රටේ හොද ආණ්ඩුවක් හැදිය යුතුයි. ඔක්කමෙ හොද වුණ රටේ හොද පාලකයෙක් ඇති කළ යුතුයි. ඒ සඳහා සැප්තැම්බර් 21දා මේ ඔක්කෙම හොද වුණ රටේ හොද ආණ්ඩුවක් හොද පාලනයක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් සියලු දෙනා එක්ව නිර්මාණය කල යුතුයැයි ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා වැල්ලවායේදී පැවැසීය.
ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජලබලවේගයේ වැල්ලවාය ආසනයේ සංවිධානය කළ ජන රැලිය අමතමින් ඒ මහතා එම අදහස් පළ කර සිටියේය.
වැල්ලවාය බස්නැවතුම්පොළ පරිශ්‍රෙය්දි මෙම ජන හමුව පවත්වන ලදි.
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය .
මම ආවේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජන බලවේගයේ අපව ජයග්‍රහණය කරවන්න කියලා ඉල්ලන්න .
මට පේන්නේ බලපුවම ඉල්ලන් දෙයක් නෑ. සියලු දෙනා පෙළ ගැහිලා ඉන්නේ අනිවාර්යෙන්ම සප්තැම්බර් මාසේ 21 වෙනිදා ජයග්‍රහණය අත්පත්කරගන්නයි.මහන්සිවෙන්න වැඩකරන්න ඔබලාගේ මුහුණූ දිහා බැලුවම ඒක පේනවා .
අපි කවුරුත් දන්නවා මේක අපේ ජිවිත කාලේ එන පළවෙනි ජන්දය නෙවෙයි කියලා .
මේ රටේ ජනතාව ආණ්ඩු හදලා තියෙනවා ආණ්ඩු පෙරලලා තියෙනවා නායකයන් ගෙනල්ලා තියෙනවා නායකයෝ මාරු කරලා තියෙනවා හැබැයි අපි ආපහු බලනකොට මොක්ද අපේ රටේ ඉතුරුවෙලා තියෙන ශේෂ පත්‍රය.
මොකක්ද වුණේ අපේ රට දුප්පත් වුණ රටක් . ණය ගෙවාගන්න බැරි රටක් . බිත්තර ටික හදාගන්න බැරිව බිත්තර ටික රටෙන් ගේන රටක්
රට වටේ මහා මුහුදක් තිබුනට ලුනු ටික හදාගන්න බැරැව ලුනු ටික ආනයනය කරන රටක් . ලුණූ ටික නිෂ්පාදනය කරගන්න බැරැව ලුණූ ටික ආනයනය කරන රටක්. බෙහෙත් ටික තෙල්ටික ගෑස් ටික ගෙන්නගන්න බැරුව හිටපු රටක්. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ ඒ ගොල්ලෝ රට පාලනය කළා. හැබැයි රට දුප්පත් රට විතරද දුප්පත් . ආණුඩුවත් දුප්පත් ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නේ . පඩි ගෙවා ගන්න විදිහක් නෑ දුප්පත් .ඉස්පිරිතාල වල බෙහෙත් දෙන්න සල්ලි නෑ දුප්පත් .ඉස්කෝලවලට පහසුකම් දෙන්න සල්ලි නෑ දුප්පත්. පාරවල් ටික හදන්න සල්ලි නෑ දුප්පත්. ඒ කියන්නේ රටත් දුප්පත් ආණ්ඩුවත් දුප්පත් .ජනතාව ජනතාවත් දුප්පත්.ඒ කියන්නේ අපේ රටේ විශාල පිරිසකට හරි හමන් ආහාර වේලක් ගන්න විදිහක් නෑ දුප්පත් .නොතෙමි ඉන්න වාතාශ්‍රයක් සහිත නිවාසයක් හදාලන්න බෑ දුප්පත්.
කෘෂිකර්ර්මාන්තය කරන ගොවියා ආදායම අරගෙන වි ටික විකුණනවා ණය ගෙවනවා. අතේ පිච්චියක් ඉතුරුවෙන්නේ නෑ දුප්පත්. බෙල්ලේ තියෙන් චේන් එක තියෙනවද නෑ බැංකුවේ තියෙන්නේ . දාපු මගුල් මුද්ද බැංකුවේ දුප්පත්. මගුල් දවසේ මුද්ද දැම්මා ජිවිත කාලෙම ඇගිල්ලෙ තියෙන්නෙ කියලා . දැන් ඒක වැඩි කාලයක් තියෙන්නේ කොහෙද බැකුවේ . හරියට බැංකුව කසාද බැන්දා වගේ.
පොඩිඑකාගේ බෙල්ලේ බැදපු තැල්ල කොහෙද කියෙන්නේ බැංකුවේ දුප්පත්. දැන් රට පාලනය කලා මොකද වෙලා තියෙන්නේ ආණ්ඩුව දුප්පත් රට දුප්පත් ජනතාවත් දුප්පත් හැබැයි මේකේ නායකයෝ දුප්පත් ද නෑ. මොකද කළේ රට දුපපත් කළා . ආණ්ඩව දුප්පත් කළා.ජනතාව දුප්පත් කළ. ඒගොල්ලෝ පොහොසත් වුණා. ඔන්න අපේ රටට සිද්ධවෙච්චි දේ .
දැන් අපි පරණ පාර අමතක කරලා අලුත් පාරක් තොරගමු . කලින් රාජපක්ෂ බලයට ගේන්න උදව් කරපු අයගෙන් අපි ඉල්ලනවා . රනිල් වික්‍රමසිංහ බලයට ගේන්න උදව් කරපු අයගෙන් අපි ඉල්ලනවා. පරණ කතා අත්අරිමු . ඒ අය මොකද කළේ. රට දුප්පත් කළා ජනතාව දුප්පත් කළා. අපි ආණ්ඩුවක් හදමු ලංකාවේ පළවෙනි වතාවට රට පොහොසත් වෙන ආණ්ඩුව පොහොසත් කරන ජනතාව පොහෙසත් වෙන ආණඩුවක් හදමු .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බුද්ධිමත් ජනතාව. මේ විදියටම අවසානය දක්වා ඉදලා අනුර කුමාරව ජනාධිපති කරවන්න දුප්පතාගේ දුක දන්නේ තරුණ බුද්ධිමත් තරුණයෙක් මිසක් වයසක උදවිය නෙමේ
කරන ක්‍රමය කියන්නකො. නැත්නම් බංගලාදේශය වගේ පොහොසත් රටක් කරනවා කියල හිතාගන්නද ?
තමුන්නාන්සේලාගේ පක්ෂේ නායකයන්ගේ විතරක් නෙවෙයි දැන් දැන් සාමාජිකයන්ගේත් ඇඳුම්, පැළඳුම්, යාන වාහන වියදම්, ප්‍රචාරක රැස්වීම් වල වියදම් දිහා බැලුවොත් නම් කිසිම දුප්පත්කමක් පේන්නේ නෑ. වෙන කිසිම දේශපාලන පක්ෂෙක දකින්න නැති අති විශාල ධනස්කන්ධයක් ඒවා වෙනුවෙන් වියදම් කරන බව පේනවා. සමහරවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටේ ආර්ථිකය ගොඩ දාපු නිසාද දන්නේ නෑ. තමුන්නාන්සේලා පෝසත් වෙලා අනිත් මිනිස්සුන්ගේ දුප්පත්කම විකුණලා දේශපාලනය කරන්න එපා. ඒක මහ තුච්ච, ජඩ වැඩක්.
ට්‍රාන්ස්ෆෝමර්, බස්, කෝච්චි, සහා ගෙවල් ගිනි තියාලද? උඹලාම රට අවුරුදු 65 ක් ආපස්සට අරන් ගිහින් දුප්පත් කරලා දැන් හදන්න හදනවා
මේ රැස්වෙලා ඉන්නේ ලංකාවේ රැවටෙන කොටස. ගිය සැරේ ගෝඨාට රැවටිලා මේ සැරේ අනුර කුමාරට රැවටෙන්න බලන් ඉන්නවා.
ට්‍රාන්ස්ෆෝර්ම බස් ගීනී තිබීබ නිසාද රට අවුරුදු 76 ක් ආපස්සට ගීයේ... අපි ඇත්ත කතාකරමු.. මම මාලිගාවට මේ පාර ඡන්දය දෙනවා...!
බස්, කෝච්චි, ට්‍රාන්ස් ෆොමර්, පුස්තකාල, රජයේ ගොඩනැගිලි, පාසල්, රජයේ සම්පත් ගිනි තියලා... රජයේ සේවකයින් මරලා... දැන් එනවා රට හදන්න...
වර්ථමානයේ තරුණ පිරිස ඔබලා ගැන නොදන්නවා වුණාට ඔවුන්ගේ දෙමාපියන්ට හොඳට මතකයි... රට පොහොසත් කරන්න ඔබතුමාලා ගත්තු උත්සාහය...