IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දීනේෂ් ෂාෆ්ටර්ට කෝටි 144ක් වංචා කළාට බ්‍රයන් තෝමස්ට නඩු

(නිමන්ති රණසිංහ)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් රුපියල් කෝටි 144කට ආසන්න මුදලක් ලබාගෙන ආපසු නොදී වංචා කළ බවට ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාට එරෙහිව චෝදනා 10ක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (05) නඩු 07ක් ගොනු කළේය.

මෙම සිද්ධියට අදාළව චූදිතට එරෙහිව චෝදනා ගොනුකර නඩු පවරන ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් අනුව මෙලෙස චෝදනා ගොනුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එම චෝදනාවන්ට තමන් නිවැරදිකරු බවට අද (05) විවෘත අධිකරණයේ පෙනී සිටි චූදිත බ්‍රයන් තෝමස් මහතා සඳහන් කළ අතර ඒ අනුව එම නඩු විභාගයට ගැනීමට අධිකරණය තීරණය කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙලෙස නඩු පවරනු ලැබුවේ නො. 25, පැල්මයිරා ඇවනිව් කොළඹ පදිංචි බ්‍රයන් තෝමස් මහතාටය.

වර්ෂ 2017 සිට අවස්ථා 20කදී රුපියල් එකසිය හතලිස් තුන් කෝටි හැත්තෑතුන් ලක්ෂ පනස් අටදහස් හයසිය හැටපහක (රු. 1,437, 358, 665/) මුදලක් නො. 39, මල්පාර, කොළඹ 07 ලිපිනයෙහි පදිංචිව සිටි දිනේෂ් ෂාෆ්ටර් යන අයගෙන් චෙක්පත් 20කින් ලබාගෙන ඇති මෙම චූදිත එම මුදල් නැවත ලබා නොදී වංචා කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

 



අදහස් (0)

දීනේෂ් ෂාෆ්ටර්ට කෝටි 144ක් වංචා කළාට බ්‍රයන් තෝමස්ට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site