IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දනේෂ් අලි දුම්රිය ආරක්ෂක හමුදා භාරයට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ මහින්ද නිශ්ශංක)

පසුගිය අරගල සමයේ ඊට දායකත්වය නායකත්වය දුන් බව කියන ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයකු වන දනේෂ් අලි නැමැත්තා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (27) දහවල් කාලයේ දුම්රිය ස්ථානය රාජකාරි කරන නිලධාරීන් පිරිසක් සමග ඇති වූ බව කියන ගැටුම්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා භාරයට ගෙන ඇත.

ආරක්ෂක හමුදා භාරයට ගත් මොහු වැඩිදුර පරීක්ෂණ සඳහා කොටුව පොලිස් ස්ථානයට භාර දුන් බව දුම්රිය ස්ථානය උසස් නිලධාරියෙක් පැවැසීය.

දුම්රිය ආරක්ෂක හමුදාව විසින් බාර දුන් මොහු සැකපිට අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසියේ නිලධාරියෙක් කීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද රාත්‍රියේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අරගල සමයෙන් පසු මොහු කටුනායක ගුවන් තොටුපොළෙන් රටින් පිටවීමට ගිය වකවානුවේ ගුවන් යානය තුළදී පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටි අයෙක් යැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් යිද



අදහස් (7)

දනේෂ් අලි දුම්රිය ආරක්ෂක හමුදා භාරයට

Bamunuarachchi Friday, 27 October 2023 10:04 PM

මෙන්න වෙලාව මුන්ගේ අඬු කඩන්න. මුන්ගේ නම් ප්‍රසිද්ද කරන්න එපා එතකොට මේ කබ්බන්ට අනිත් කබ්බන්ගෙන් ලකුණු වැටෙනවා. අරගල කාරයෙක් කියලා හැඳුන්නුවාම හොඳටම ඇති.

:       0       1

මැක්ස් Saturday, 28 October 2023 06:14 AM

සමාජ මාධ්‍ය කාඩ්බෝඩ් වීරයන් වන දනිෂ් අලි වැනි අය සිතා සිටින්නේ රටේ නීතිය ඔවුන් බවයි. විශේෂයෙන්ම අරගල විහිළුවෙන් පසු. එ නිසා මෙවැනි අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න.

:       0       0

රංබොඩ Saturday, 28 October 2023 10:06 AM

හොඳටම හොයලා බැලිය යුතු අති භයානක පුද්ගලයෙක්. NGO කාක්කෙක් විය යුතුමයි. මොවුන් මුදල් හම්බ කිරීම අරමුණු කරගෙන රට තුළ නොකරන කැත වැඩක් නෑ. නැතිව රටට දැයට ආදරය ඇති මිනිහෙක් නෙවෙයි. අර නිළියත් ඇත්තටම නිදැල්ලේ ඉන්න එක සොයා බැලිය යුතුයි...!

:       0       1

Hemakumara Saturday, 28 October 2023 10:37 AM

ඔය අසරන තරුණයන්ට වඩා රටම බන්කොලොත් කල පල් හොරැ අල්ලා පල්ලා...

:       8       12

Bamunuarachchi Saturday, 28 October 2023 09:33 PM

මෙයා අහිංසකයෙක් නොවෙයි. ඉලඇට කඩලා හිර කරන්න ඕනෑ කෙනෙක්...!

:       0       1

රූපසිංහ Saturday, 28 October 2023 03:41 PM

ඔය රේල්ලුවේ ඉන්නේ මිනිස්සු නම් නෙවෙයි.

:       4       12

Bamunuarachchi Saturday, 28 October 2023 04:22 PM

මේ කාලකන්නින්ට මයික් අල්ලන අයත් ඒ වගේ තමයි...!

:       6       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site