(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ මහින්ද නිශ්ශංක)
පසුගිය අරගල සමයේ ඊට දායකත්වය නායකත්වය දුන් බව කියන ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයකු වන දනේෂ් අලි නැමැත්තා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (27) දහවල් කාලයේ දුම්රිය ස්ථානය රාජකාරි කරන නිලධාරීන් පිරිසක් සමග ඇති වූ බව කියන ගැටුම්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා භාරයට ගෙන ඇත.
ආරක්ෂක හමුදා භාරයට ගත් මොහු වැඩිදුර පරීක්ෂණ සඳහා කොටුව පොලිස් ස්ථානයට භාර දුන් බව දුම්රිය ස්ථානය උසස් නිලධාරියෙක් පැවැසීය.
දුම්රිය ආරක්ෂක හමුදාව විසින් බාර දුන් මොහු සැකපිට අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසියේ නිලධාරියෙක් කීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද රාත්‍රියේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අරගල සමයෙන් පසු මොහු කටුනායක ගුවන් තොටුපොළෙන් රටින් පිටවීමට ගිය වකවානුවේ ගුවන් යානය තුළදී පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටි අයෙක් යැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් යිද
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න වෙලාව මුන්ගේ අඬු කඩන්න. මුන්ගේ නම් ප්‍රසිද්ද කරන්න එපා එතකොට මේ කබ්බන්ට අනිත් කබ්බන්ගෙන් ලකුණු වැටෙනවා. අරගල කාරයෙක් කියලා හැඳුන්නුවාම හොඳටම ඇති.
සමාජ මාධ්‍ය කාඩ්බෝඩ් වීරයන් වන දනිෂ් අලි වැනි අය සිතා සිටින්නේ රටේ නීතිය ඔවුන් බවයි. විශේෂයෙන්ම අරගල විහිළුවෙන් පසු. එ නිසා මෙවැනි අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න.
හොඳටම හොයලා බැලිය යුතු අති භයානක පුද්ගලයෙක්. NGO කාක්කෙක් විය යුතුමයි. මොවුන් මුදල් හම්බ කිරීම අරමුණු කරගෙන රට තුළ නොකරන කැත වැඩක් නෑ. නැතිව රටට දැයට ආදරය ඇති මිනිහෙක් නෙවෙයි. අර නිළියත් ඇත්තටම නිදැල්ලේ ඉන්න එක සොයා බැලිය යුතුයි...!
ඔය අසරන තරුණයන්ට වඩා රටම බන්කොලොත් කල පල් හොරැ අල්ලා පල්ලා...
ඔය රේල්ලුවේ ඉන්නේ මිනිස්සු නම් නෙවෙයි.
මේ කාලකන්නින්ට මයික් අල්ලන අයත් ඒ වගේ තමයි...!