
(යොහාන් භාසුර)
විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරනොගත් කිසිවෙක් එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් සහ හදිසියේ විදේශ ගමන්බලපත්‍රය අවශ්‍ය යැයි ලේඛණ ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්ට පමණක් එම දෙපාර්තමේනතුවට පැමිණිය හැකි බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (12) පැවසීය.
ජනතාවට අපහසුතාවකින් තොරව විදේශ ගමන් බලපත්‍රය ගැනීම සදඟා ක්‍රමවේදයක් ඉදිරි සති දෙක තුන තුළ සකස් කරන බව කී ඉලුක්පිටිය මහතා හදිසි අවශ්‍යතාවක් සම්බන්ධයෙන් ලේඛණ පරික්‍ෂා කිරීමෙන් පසුව ඒ පිළිබඳව සෑහීමකට පත්වූවහොත් පමණක් එම පුද්ගලයා පරිශ්‍රයට ඇතුළත් කරගන්නා බව ද වැඩි දුරටත් සඳන් කළේය.
විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා මේ දිනවල බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය තුළ ඇති වී තිබෙන තදබදය පිළිබඳව අදහස් දක්වමින් ඉලුක්පිටිය මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කිව්වට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අවුල් ජාලාවක්. දිනය හා වේලාව වෙන්කර ගත්තාට වැඩක් නැහැ. 8 එක්කෙනයි 10 එක්කෙනයි 11 එක්කෙනයි ඔක්කෝම එකට පොර කනවා. කිසිම සැලැස්මක නැහැ. ඇයි වෙලාව වෙන් කරගත් අය විතරක් ඇතුළට ගන්න බැරි...? බොහොම සරල දෙයක්. යටි මාෆියාවක් යනවා. බොරු කයිවාරු විතරයි. අනෙක ඇතුලේ කුරියර් සර්විස් එකක් තියෙනවා. ඒකෙ ගන්න ඕන බරට. ඒත් මෙතන පාස්පෝට් එකකට 1000යි. කොහොමද ගැරිල්ල...? එකම ගෙදරට 5ක් ගියොත් 5000යි. මේකෙ ගතමනාව කාගේ සාක්කුවටද යන්නේ? දෙන්න උත්තර ආයතනයේ ම කෙනෙක්...
ඕක හොර ගුහාවක්, ඕකෙ වැඩකරන අයට ලොකු හෝටල් තියෙනවා.
වෙනත් රජයේ දෙපාර්තමේන්තු තුළ වැඩිපුර සිටින සුදුසුකම් ලත් සේවකයෝ මේවාට අනුයුක්ත කර, සේවක මණ්ඩලය වැඩිකර වැඩමුර ක්‍රමයකට උදේ 7 සිට රාත්‍රී 8 පමණ වනතෙක් සේවයක් ලබාදීලා මේ ප්‍රශ්න විසඳන්න බැරිද?
මේක හොරගුහාවක්... බොරුවට නැති තදබදයක් මවාපාලා, මිනිස්සු රස්තියාදු කරලා පගාව ගන්න මගපාද ගන්න හදන්නේ. උද්ඝෝෂණ කරන්න ඕනේ මෙවැනි ආයතන ඉස්සරහ සිස්ටම් චේන්ජ් කරන්න කියලා...
රටේ මහ ජනතාවට පාස්පෝර්ට් මුදලට විකිණීම ආණ්ඩුව කරන මහා ව්‍යාපාරයක්...!!! පාස්පොට් කන්තෝරුව දැනට රටේ තිබෙන ඉතාම දූෂිත සහ ඉතාම ආරක්ෂම රාජ්‍ය ආයතනයක්, හොර තිප්පලක්. මේ ආයතනය භාර ඇමැතියාගේ සිට ඉහලම නිළධාරියා බක පණ්ඩිතයෝ හැම නීතියක්ම දන්නවා.. ඒත් කලමනාකරණය, ආයතනයක් දියුණු කිරීම, කාර්යයක්ෂතාව වැනි විෂයයන් ගැන කිසිඳු හැඟීමක්, දැනුමක්, ආකල්පයක් නැහැ. මෙතැනට ගිහිල්ලා මිනිස්සු පොරකන්නේ තමන්ගේ අවශ්‍යතාවය කෙසේ හෝ ඉටුකර ගන්න. මිනිස්සු ඒ සඳහා යම්කිසි පිරිවැයක් දරනවා. නමුත් මේ ආයතනය පාලනය කරන මිනිස්සුන්ට එම සේවාව නිසියාකාරව ලබාදෙන්න දැන්නෑ! - කවුරුන් හෝ "රාජ්‍ය පාලකයෙක්" (ජනාධිපතියෙක් හෝ ඇමැති මණ්ඩලයක් නොවෙයි) බිහි වී "රාජ්‍ය පාලනය" කරත්වා කියා ප්‍රාර්ථනා කර හිත සන්සුන් කරගනිමු...
රුපියල් 25000/- ක් දුන්නාම බුකිනුත් නෑ.., පෝලිමත් නෑ. පාස්පෝට් එක අතටම ගෙනත් දෙනවා. අල්ලස්, දූෂණය නැති කරනකම් අසරණ මිනිස්සු හැමදාම පොලිමේ තමයි ඉන්න වෙන්නේ...
වීසා තියෙන අයට අලුත් කරගන්න ප්‍රමුඛතාවය දෙන්න.. එයාලා දැනටමත් විදේශ විනිමය උපයන අය... ස්තුතියි..!