(අංජුල මහික වීරරත්න)
මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල් හමුවේ සඳහන් කර තිබේ.
පොලිස්පතිවරයා මේ බව පවසා ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ කැඳවීමකට අනුව මැතිවරණ කොමිසමට ගොස් සාකච්ඡා කළ අවස්ථාවේදීය.
පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉකුත් බදාදා (11) මෙම කැඳවා තිබිණි.
මැතිවරණ කොමිසම හමුවේ පොලිස්පතිවරයා කරුණු දෙකක් පැහැදිලි කර තිබේ. මෙය ගමේ ඡන්දයක් බැවින් විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇතිවුවහොත් ඒ වෙනුවෙන් අමතර පොලිස් කණ්ඩායම් යෙදවීමට සිදුවනු ඇති බවත් පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.
එම නිසා මැතිවරණ රාජකාරි යෙදවීම වෙනුවෙන් මෙන්ම අපේක්ෂකයන් වෙනුවෙන් ආරක්ෂාව සැපයීම වෙනුවෙන් ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොමැති බවද පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ. පොලිස් නිලධාරීන් 68,000 ක් සිටිය යුතු තැන සිටින්නේ නිලධාරීන් 60,000 ක් පමණක් බවද ඔහු දැනුම් දී ඇත.
දැනටමත් සමාජ මාධ්‍යයේ" ඡන්දය ඉල්ලාගෙන නිවෙස් වෙත පැමිණෙන අය ගැන බලාගන්නම්" යැයි ප්‍රකාශ හුවමාරු වන බැවින් යම් හෙයකින් අපේක්ෂකයෙකුට පහර දුනහොත් එවැනි පිරිස් වෙත ආරක්ෂාව සැපයීමට සිදුවන බැවින් ගැටළුවක් මතුව ඇතැයි ද ඔහු පෙන්වා දී තිබේ.
ඉකුත් මැතිවරණයේදි රුපියල් බිලියනක මුදලක් ඡන්ද රාජකාරි වෙනුවෙන් වැය වුවත් එම මුදල තවමත් පොලිසියට ලැබී නැතැයි ද කී පොලිස්පතිවරයා මෙවර බිලියන 3 ක් මැතිවරණය වෙනුවෙන් අවශ්‍යව ඇතැයි ද පෙන්වා දී තිබේ.
එසේම නීති විරෝධි පෝස්ටර්, දැන්වීම්, කටවුට් හා බැනර් ඉවත් කිරීමේ රාජකාරීන් ද පොලිසියට පැවරෙන බැවින් පොලිසිය කුලී කම්කරුවන් යොදා එම කාර්යය කරන බවද පොලිස්පතිවරයා කියා තිබේ.
කම්කරුවන්ට කරන ගෙවීම් මුලින් පොලිසිය කරන අතර පසුව මැතිවරණ කොමිසම එම මුදල් පොලිසියට ලබා දෙනු ලබයි.
එසේම මැතිවරණ රාජකාරිවල නිතරවීම අමතර රාජකාරියක් බැවින් ඊට විශේෂ ගෙවීමක් කරන අතර එයද මැතිවරණ කාර්යාලය හරහා පොලිසිය වෙත ලබා දෙයි.
ඉකුත් මහ මැතිවරණයේ රාජකාරි වෙනුවෙන් පොලිසිය හිමිවිය යුතු මුදල් තවමත් පොලිසියට හිමිව නැති බැවින් පොලිස් දෙපාර්තමේන්තුව ද මූල්‍ය ගැටළුවක සිටින බව මෙහිදී පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ.
එම නිසා මැතිවරණ රාජකාරි ආරම්භවීමට ප්‍රථම ඉකුත් මැතිවරණයේ පොලිසිය වෙත හිමිවිය යුතු මුදල ප්‍රතිපූර්ණය කරන ලෙස ද පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.
ගියවර ණය ද පියවා නොමැති නිසා මෙවර ණයට මැතිවරණ රාජකාරි වෙනුවෙන් පිරිස් කැඳවිය නොහැකි බැවින් දෙන්නම් කාසිවලට මෙවර කටයුතු කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පෙන්වා දී තිබේ. එසේම නිලධාරීන් නොමැතිව රාජකාරි කිරීමට ගොස් යම් ගැටළුවක් මතුවුවහොත් එය පොලිසියේ කීර්තිනාමයට ගැටළුවක් බැවින් මේ අවශ්‍යතා සපුරන තෙක් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි යැයි ද ඔහු මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙත දැනුම් දී අතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියේ කීර්ති නාමයක් තියනවාද හානිවෙන්න? ලංකාවෙ නම් පොලීසියට කීර්ති නාමයක් නෑ. අනික පොලීසියේ වගකීම සහ රාජපකාරිය IGP දන්නේ නෑ වගේ පෙන්නේ. මේක පුද්ගලික අංශයේ පොලීසියක් නෙවෙයි. රටේ නීතිය සහ සමාය රැකීම ආරක්ෂාව සැලසීම පොලීසියේ වගකීම. ඒකෙන් ගැලවෙන්න මෙයාට බෑ. ආණ්ඩුව පරාජය වෙන නිසා ඡන්දය කල් දාන්න විවිධ උපක්‍රමය යොදනවා. අර එක මෝඩයෙක් ලියුමක් යැව්වෙත් ඒකයි. මේ ප්‍රකාශය අනුව පේනේ IGP ආණ්ඩුවට කඩේ යන බව.
මහමැතිවරණය කොවිඩ් අස්සේ ඉල්ලලා පොහොට්ටුවේ උන් එදා මැරෙන්න හැදුවා. ඡන්දෙන් පස්සේ ඒවා පියවලත් නැහැ. බලේ ගත්තට පස්සේ තමයි ඡන්දෙ නොතියන්න දඟලන්නේ. බල පෙරේතකම.
ඔය දේශපාලකයන් එක්ක කරන සෙල්ලම් මෙතනදී හරියන්නේ නැහැ මහත්තයා . මොකද ස්ට්‍රයික් කරනවද. කරුණාකරල ඡන්දෙ ට අවශ්‍ය දේ කරන්න . පෙලපාලියකදී ගහන්න විතරයි ද පොලිසිය ඉන්නෙ .
සෑම දෙයක්ම පාලකයන් අපුරුවට ගලපමින් සිටින්නේ ඔවුන්ට නියත පරාජයක් ගෙනදෙන මෙම ප්‍රාදේශීය මැතිවරනය කල් දැමීමටය. ගරු අධිකරනය අපගේ එකම බලාපොරොත්තුවයි.
මැතිවරණ වියදම් පියවා ගැනීම සඳහා රටේ සියලුම රටවැසියන්ගෙන් රු.100.00 ගානේ එකතුකර ගන්න වැඩ පිලිවෙලක් සකසා ගන්න. අපි නං දෙන්න කැමතියි. රටේ ජනගහනයෙන් 99.9% ඊට කැමති බව මට විශ්වාසයි. එහෙම නැතුව වැඩ නෙවෙන විදියට කතාකරන්න එපා.
නොකා නොබී මැරෙන්න ගියත් හැම මිනිහම ආණ්ඩුවට කත් අදින්නේ මොකද කියලා දන්නේ නැහැ. ඡන්ද තියනවට හැමෝම බයයි වගේ. මුන්ගේ වාසි නැතුව යයි කියලා බය ඇති.
Better retire and vanish soon.
ඡන්දෙ නොතිය ඉන්න ආණ්ඩුව ගහන ගේම්. පොලිස්පති කෙනෙක් පොලීමුදලාලියෙක් ගානට වැටිලා හිඟ සල්ලි ඉල්ලනවා... හරියට පොලිසියේ පඩි ගෙවන්නේ මෙයා වගේ. ලබන මාසෙ පෙන්ෂන් යන්න ඉන්න නිසා සේවා දිගුවක් ගහගන්න රෙදි ගලෝගෙන කඩේ යනවා... මේ පොලිස්කාරයෝ නෙවෙයි මේස පුටු පොලිෂ් කාරයෝ...
No Elections please
ගෙවල් වලට අවොත් පහර දෙනවා කියනවානම් මොකටද ගෙවල් ගානේ යන්නේ. නිල මැස්සෝ පිරිවරාගෙන යන කුනුවෙච්ච මලකුණු වගේ ඔය සමහර කාලකන්නි ගෙවල් වලට එනකොට අපි නම් ගේට්ටු දොරවල් කලින්ම වහලා දාලා තියනවා. එනකොට එන්නේ බඩ ගාගෙන වැඳගෙන තුත්තිරි ගස් අල්ලාගෙන. දිනුවට පස්සේ උන් හිතන්නේ අපේ පොල්ගසුත් අයිති උන්ට කියාලා. ඒ නිසා ඔය තක්කඩි ආරක්ෂා කරන්න රජයේ මුදල් වියදම් කරන්න අවශ්‍ය නැහැ. කලින්ම නිවේදනයක් කරන්න ඔය ගෙවල් ගානේ යනවට ආරක්ෂාව දෙන්න බැහැ කියාලා.
අමතර දීමනා බලාගෙනද රාජකාරි කරන්නේ. මාසික වැටුප ලැබෙන්නේ නැතිද? ඔය විදියට හිතුවොත් රාජ්‍ය සේවය ගෙනියන්න පුළුවන්ද? බොහෝ ආයතනවල අතිකාල දීමනා පමා වෙනවා. එහෙම කියලා රාජකාරිය නොකර ඉන්න පුළුවන්ද? මෙය වැරදි පූර්වාදර්ශයක්.
මේ ඔක්කොම පිනාගේ බළල් අත් , චන්දයක් තියන එක නවතන්න දන්නා පුළුවන් ඔක්කොම තක්කඩි වැඩ ටික කරලා ඒ ඔක්කොම පැරදුනාට පස්සෙ නිලදාරීන් ලවා ඒ වැඩේ කඩාකප්පල් කරන්න හදන්නේ
හිටපු පොලිස්පති වගකීම පැහැර හැරලා වූ දේ පේන්නේ නැතිද? හැමදාම මේ තක්කඩි දේසපාලුවන් ඔහෙලව රකින්න ඉන්නේ නැහැ. එදාට නීතිය ඉදිරියේ කවුරුත් එක සමානයි.
එකක් කියන්නම්. කපුටෝ සහ අලියෝ ඡන්දෙ හිඟාගෙන පැමිණියොත් හොඳින් සලකන්න තමයි අපි කවුරුත් බලාගෙන ඉන්නේ.
සාමකාමී උත්ගොශ්න කරන අය නවත්වන්න , මහපාරවල වහගෙන බැරියර් දාගෙන දවස් ගණන් අවුවේ වැස්සේ කරවේවි ඉන්නකොට නම් මේ උන්දලා දීමන ඉල්ලා කරදර කරන්නේ නැහැ නේද ආණ්ඩුවට ?
මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව බවත් මෙම මැතිවරණය ගමේ ඡනදයක් බැවින් ගටුම්කාරී තත්වයන් වැළක්විමට වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යෙදවිය යුතු බවත් ඒ සඳහා යෙදවීමට පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් තරම් නොමැති බවද පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල් හමුවේ සඳහන් කර තිබන බව අද මාධ්‍ය වාර්තා කර ඇත. ඡන්ද බලය, මැතිවරණ පැවැත්වීම, පාලන බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාව සතු පරමාධිපත්‍ය අයිතිවාසිකම් වේ. මැතිවරණ පැවැත්වීමට, ඇවැසි සියලු විධි විධාන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් මගින් සලසා ඇත. නිසි කලට ඡන්ද විමසීම් පැවැත්වීම, රජයේ වගකීම ය. ඡන්ද විමසීම්වලට අවශ්‍ය මූල්‍ය පහසුකම්, එයට අවශ්‍ය පොලිස් නිලධාරීන්ගේ සහ මැතිවරණ රාජකාරී සඳහා ප්‍රමාණවත් තරම් නිලධාරීන් යෙදවීමට රජය බැදී සිටී. මැතිවරණයක් පැවැත්වීමට ප්‍රමාණවත් තරම් පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් නොවේනම් පවතින ආණ්ඩුව විසින් මැතිවරණ පැවැත්වීමට තරම් පොලිස් නිලධාරීන් සහ රජයේ නිලධාරී පවත්වා ගත යුතු ය. පළත් පාලන ඡන්ද විමසීමකට පොලිස් නිලධාරීන් ප්‍රමාණ්වත් නොවේය'යි කීම පුදුම සහගත ය. ඒ කියන්නේ ජනතාව සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි පරමාධිපත්‍යය බලය ආණ්ඩුව විසින් නොසකා හැරීමකි. සෑම මැතිවරණයක් පැවැත්වීම සඳහ මුදල් අනුමත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජය බැදී සිටී. 2020. මහමැතිවරණයට මුදල් වෙන් කිරීම, මැතිවරණය පැවැත්වීමට එකී මුද්ල ලබා දීම, මැතිවරණය පැවැත්වීමෙන් පසු හිඟ වූවානම් පසුව හෝ ලබා දීම , හදිසි ආපදා තත්වයකදී හැර අනෙක් සියලු සංවර්ධන කටයුතුවලට වඩා ප්‍රමුඛතාවය දී පූරණය කළ යුතු ය. හේතුව මහ මැතිවණය යනු ව්‍යවස්ථාදායකය බලගැන් විම බැවිනි. මෙතෙක් කාලයක් පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු හිඟ මුදල් නොගෙවා හැරීම, ආණ්ඩුව විසින් ජනතාවගේ පරමාධිපත්‍යට කරන ලද මදි පුංචි කමකි. නිග්‍රහයකි. පොලිස්පතිවරයා විසින් පොලිස් නිලධාරීන්ට ලැබිය යුතු හිඟ මුදල් පිළිබඳ මතක් කර දීම ද කලෝචිත ය. පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවිය යුතුවා මෙන්ම ජනතාවගේ ඡන්ද අයිතිය ද සුරැකිය යුතු ය. මේ කුමන හේතුවක් නිසාවත් පළාත් පාලන ඡන්ද විමසීමට බාධාවක් නොවිය යුතු බව අපගේ අදහස ය. ඡන්දයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක, මැතිවරණ රාජකාරි කළ නොහැකිය'යි කිසිදු රජයේ නිළධාරියෙකුට, කීමට බලයක් නැත. ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ "104 ඇ(1) අවස්ථාවෝචිත පරිදි ඡන්ද, විමසීමක් පැවැත්වීම සඳහා නියමයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට නියම කරමින් ප්‍රකාශනයක් හෝ කරනු ලැබූ විට, අවස්ථාවෝචිත පරිදි, ඒ ඡන්ද විමසීම හෝ ජනමත විචාරණය හෝ පැවැත්වීම සඳහා කොමිෂන් සභාවට අවශ්‍ය පහසුකම් සහ පොලිස් නිලධරයන් සංඛ්‍යාව කොමිෂන් සභාව විසින් පොලිස් පතිවරයාට දැනුම් දිය යුත්තේ ය." (2) මේ ව්‍යවස්ථාවේ (1) වන ඡේදය යටතේ කරනු ලැබූ දැනුම් දීමක නිශ්චිතව සඳහන් පහසුකම් සහ පොලිස් නිලධරයන් පොලිස් පතිවරයා විසින් කොමිෂන් සභාවට ලබා දිය යුත්තේ ය." යනුවෙන් ද 104 ඇ(4) මෙම ව්‍යවස්ථාවේ (2) වන ඡේදය යටතේ කොමිෂන් සභාව වෙත සපයන ලද සෑම පොලිස් නිලධාරියෙකු ම, ඡන්ද විමසීමක කාලය තුලදී කොමිෂන් සභාවට වගකිව යුතු අතර කොමිෂන් සභාවේ විධානය සහ පාලනය යටතේ ක්‍රියා කළ යුත්තේ ය." යනුවෙන් ද, 104 උ. යම් ඡන්ද විමසීමකදී හෝ ජනමත විචාරණයකදී කාර්ය සහ කර්තව්‍ය සියලු ම රජයේ නිලධරයන් විසින්, ඒ කාර්ය සහ කර්තව්‍ය ඉටු කිරීමේදී කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විධාන වලට යටත්ව ක්‍රියා කළ යුතු අතර, ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට වගකිව යුතු සහ උත්තර දිය යුතු ය. " 104උඋ (1) කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව - (අ) යම් ඡන්ද විමසීමක් පැවැත්වීමට හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට බලාත්මක කිරීම සහතික කිරීම පිණිස කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන; හෝ (ආ) 104(අ) ව්‍යවස්ථාවේ පිළිවෙලින් (4) වන අනු ව්‍යවස්ථාවේ (අ )ඡේදය හෝ (5) වන අනු ව්‍යවස්ථාවේ (ආ) ඡේදය යටතේ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විධානයක් හෝ උපමාන සමඟ කටයුතු කිරීමට අපොහොසත් වන යම් රජයේ නිලධරයෙකු, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ රජය වෙත පවරනු ලැබ ඇති යම් වෙළඳ ව්‍යාපාරයක හෝ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ රජය වෙත පවරනු ලැබ ඇති යම් වෙළඳ ව්‍යාපාරයක හෝ වෙනත් ව්‍යාපාරයක සේවා නියුක්තිකයකු සහ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති හෝ ලියාපදිංචි වී ඇති බවට සළකනු ලබන සහ ස්වකීය කොටස් වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සමාගමක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ විසින් දරනු ලබන යම් සමාගමක් වරදකට වරදකරු වන අතර, වරදකරු කිරීමේදී රුපියල් එක් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු තුනක් නොයික්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකට ම හෝ යටත් විය යුත්තේ ය." යනුවෙන් ව්‍යවස්ථාපිත ය.
ආණ්ඩුව විසින් මැතිවරණ පැවැත්වීමට තරම් පොලිස් නිලධාරීන් සහ රජයේ නිලධාරී පවත්වා ගත යුතුය. පළත් පාලන ඡන්ද විමසීමකට පොලිස් නිලධාරීන් ප්‍රමාණ්වත් නොවේය'යි කීම පුදුම සහගතය. ඒ කියන්නේ ජනතාව සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි පරමාධිපත්‍යය බලය ආණ්ඩුව විසින් නොසලකා හැරීමකි. සෑම මැතිවරණයක් පැවැත්වීම සඳහාම මුදල් අනුමත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජය බැඳී සිටියි. 2020 මහමැතිවරණයට මුදල් වෙන් කිරීම, මැතිවරණය පැවැත්වීමට එකී මුදල ලබාදීම, මැතිවරණය පැවැත්වීමෙන් පසු හිඟ වූවා නම් පසුව හෝ ලබාදීම, හදිසි ආපදා තත්වයකදී හැර අනෙක් සියලු සංවර්ධන කටයුතුවලට වඩා ප්‍රමුඛතාවය දී පූරණය කළ යුතුයි. හේතුව මහ මැතිවරණය යනු ව්‍යවස්ථාදායකය බලගැන්වීම බැවිනි. මෙතෙක් කාලයක් පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු හිඟ මුදල් නොගෙවා හැරීම, ආණ්ඩුව විසින් ජනතාවගේ පරමාධිපත්‍යට කරන ලද මදි පුංචි කමකි. නිග්‍රහයකි. පොලිස්පතිවරයා විසින් පොලිස් නිලධාරීන්ට ලැබිය යුතු හිඟමුදල් පිළිබඳ මතක් කර දීමද කලෝචිතයි. පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු හිඟමුදල් ගෙවිය යුතුවා මෙන්ම ජනතාවගේ ඡන්ද අයිතිය ද සුරැකිය යුතුයි.
හදිසි ආපදා තත්වයකදී හැර අනෙක් සියලු සංවර්ධන කටයුතුවලට වඩා ප්‍රමුඛතාවය දී පූරණය කළ යුතුයි. හේතුව මහ මැතිවණය යනු ව්‍යවස්ථාදායකය බලගැන්වීම බැවිනි. මෙතෙක් කාලයක් පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු හිඟ මුදල් නොගෙවා හැරීම, ආණ්ඩුව විසින් ජනතාවගේ පරමාධිපත්‍යට කරන ලද මදිපුංචි කමකි. නිග්‍රහයකි. පොලිස්පතිවරයා විසින් පොලිස් නිලධාරීන්ට ලැබිය යුතු හිඟමුදල් පිළිබඳ මතක් කරදීමද කලෝචිතයි. පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු හිඟමුදල් ගෙවිය යුතුවා මෙන්ම ජනතාවගේ ඡන්ද අයිතිය ද සුරැකිය යුතු යි. මේ කුමන හේතුවක් නිසාවත් පළාත් පාලන ඡන්ද විමසීමට බාධාවක් නොවිය යුතු බව අපගේ අදහසයි. ඡන්දයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක, මැතිවරණ රාජකාරි කළ නොහැකිය'යි කිසිඳු රජයේ නිලධාරියෙකුට, කීමට බලයක් නැත...
විචාරණයක් පැවැත්වීමට නියම කරමින් ප්‍රකාශනයක් හෝ කරනු ලැබූ විට, අවස්ථාවෝචිත පරිදි, ඒ ඡන්ද විමසීම හෝ ජනමත විචාරණය හෝ පැවැත්වීම සඳහා කොමිෂන් සභාවට අවශ්‍ය පහසුකම් සහ පොලිස් නිලධරයන් සංඛ්‍යාව කොමිෂන් සභාව විසින් පොලිස් පතිවරයාට දැනුම් දිය යුත්තේ ය." (2) මේ ව්‍යවස්ථාවේ (1) වන ඡේදය යටතේ කරනු ලැබූ දැනුම්දීමක නිශ්චිතව සඳහන් පහසුකම් සහ පොලිස් නිලධරයන් පොලිස් පතිවරයා විසින් කොමිෂන් සභාවට ලබා දිය යුත්තේය." යනුවෙන් ද 104 ඇ(4) මෙම ව්‍යවස්ථාවේ (2) වන ඡේදය යටතේ කොමිෂන් සභාව වෙත සපයන ලද සෑම පොලිස් නිලධාරියෙකුම, ඡන්ද විමසීමක කාලය තුළදී කොමිෂන් සභාවට වගකිව යුතු අතර කොමිෂන් සභාවේ විධානය සහ පාලනය යටතේ ක්‍රියාකළ යුත්තේ ය." යනුවෙන්ද, 104 උ. යම් ඡන්ද විමසීමකදී හෝ ජනමත විචාරණයකදී කාර්ය සහ කර්තව්‍ය සියලු ම රජයේ නිලධරයන් විසින්, ඒ කාර්ය සහ කර්තව්‍ය ඉටු කිරීමේදී කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විධානවලට යටත්ව ක්‍රියාකළ යුතු අතර, ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට වගකිව යුතු සහ උත්තර දිය යුතුයි. "
බලාත්මක කිරීම සහතික කිරීම පිණිස කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන; හෝ (ආ) 104(අ) ව්‍යවස්ථාවේ පිළිවෙලින් (4) වන අනුව්‍යවස්ථාවේ (අ) ඡේදය හෝ (5) වන අනුව්‍යවස්ථාවේ (ආ) ඡේදය යටතේ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විධානයක් හෝ උපමාන සමඟ කටයුතු කිරීමට අපොහොසත් වන යම් රජයේ නිලධාරියෙකු, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ රජය වෙත පවරනු ලැබ ඇති යම් වෙළඳ ව්‍යාපාරයක හෝ වෙනත් ව්‍යාපාරයක සේවා නියුක්තිකයකු සහ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති හෝ ලියාපදිංචි වී ඇති බවට සළකනු ලබන සහ ස්වකීය කොටස්වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සමාගමක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ විසින් දරනු ලබන යම් සමාගමක් වරදකට වරදකරු වන අතර, වරදකරු කිරීමේදී රුපියල් එක් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු තුනක් නොයික්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුත්තේය." යනුවෙන් ව්‍යවස්ථාපිත ය...
මේවට හිනා යනවා. කෙහෙන්ද කියලා හොගන්ඩ බෑ.
ඡන්දෙට බයේ බළල්ලු ලවා කොස්ඇට බාවනවා වගේ.
රට බංකලොත් කරපු උන් මේ රටේ දේපල හොරකපු උන් චන්දෙ ඉල්ලාගෙන නිවෙස් වෙත අවොත් ඉලපතෙන් ගහනවා. ඒක පොලිසිය පාලනය කරන්නේ කොහොමද?
එහෙනම් ඡන්දය කල් දාමු.
මැතිවරණයට පොලිස් ආරක්ෂාව දෙන්න බැහැ කියලාද මේ පොලිස්කාරයා කියන්නේ? මෙයා පොලිස්පතිද එහෙම නැත්තං පිස්සෙක්ද?