IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දින හතේ නිවුන්නු විසි පන්දාහට විකුණන්න හදලා

( තිස්ස කොටින්කඩුව-සරත් චින්තක)

ඉපදී දින හතක් ගිය නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට වික්ක පිලියන්දල ප්‍රදේශයේ තරුණ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබා දී එම දරුවන්  මිලදී ගෙන තිබු කාන්තාවන් දෙදෙනෙකුද අද (07) උදේ අත්අඅඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

සැකකාරියන් අතරින් නිවුන් දරුවන්ගේ තරුණ මව සහ එක් දරුවෙක් මිළදී ගත් කාන්තාවක් රාගම ප්‍රදේශයේදීත් අනෙක් දරුවා මිළදී ගත් කාන්තාව කැළණිය පෙදසේදීත් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

රාගම ප්‍රදේශයේ නිවෙසක මෙහකාර වෘතියේ යෙදී සිටි අදාල මව මීට සතියකට ඉහත කොළඹ කාසල් මාතෘ රොහලේදී නිවුන් දරු ප්‍රසුතිය කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 

;

 



අදහස් (10)

දින හතේ නිවුන්නු විසි පන්දාහට විකුණන්න හදලා

Aravind Monarawila Thursday, 07 December 2023 10:39 AM

ජීවත් වෙන්න, ජීවත් කරවන්න දරුවො විකුනන්න සිද්ද වෙලා, අවුරුදු 75ක් තිස්සෙ හැඩුව රට !

:       4       33

අජිත් Thursday, 07 December 2023 12:42 PM

මේ ජෙප්පෝ වැඩි දෙනෙක් කතා කරන්නේ උන් හරි කෙරුමෝ කියලා හිතාගෙන දැන් අවුරුදු 75. ජෙප්පෝ බලයේ හිටියානම් මේ රට සුරංගනා ලෝකයක් කරන්න ඇති කියලා තමයි උන් මේ රටේ මෝඩ ගොන් බිජ්ජන්ට පෙන්වන්න හදන්නේ. යකෝ ක්‍රමයෙන් දියුණුව කරා ආපු රට. අර විජේ වීර කියන පරයා. ඉර්ෂායාව වෛරය

:       47       13

Aravinda MonarawilaThursday, 07 December 2023 01:21 PM

රට හරියට හැදුවා නම් විජේවීරට ගල් කැටයක් ගහන්න කොල්ලෙක් හොයාගන්න බැරිවෙනවා කියා නොතේරෙන්නේ වහලෙක්ට විතරයි

:       2       13

රංජිත් Thursday, 07 December 2023 06:31 PM

රට හරියට හැදුවනම් විජේවීරට නෙවෙයි මොකාටවත් ගල් ගහන් නෑ. හැබැයි ජෙප්පො ගැන නම් සැකයි. මොකද උන් ඉතින් මොලේ හෝදාගත්ත වහල්ලු සෙට් එකක්නෙ.

:       0       0

රංජිත් Thursday, 07 December 2023 05:34 PM

මේවාගේ කොමෙන්ට් යනකොට ජෙප්පෝ නිකන් භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ. පොරවල් දැන් සමාජ මාධ්‍යයේ බැහැලා වැඩ බොරුවට පක්ෂේ පුම්බන්න...

:       0       0

NAMAL Thursday, 07 December 2023 12:23 PM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       7       34

සමන් විමල් Thursday, 07 December 2023 08:42 PM

හරකෙක් ගොම රිටි බාමින් උම්බෑ කියනවා.රාජපක්ෂ නොහිටින්න මේ සුනඛයෝ වැලලිච්ච තැන් වල පැල උනු පොල් ගස්වල ගෙඩි කැඩෙනවා.

:       0       0

Pradeep Kumara Thursday, 07 December 2023 01:00 PM

මට නම් තේරුනේ දරුවො වෙන කෙනෙකුට දෙන්න තීරණය කරලා තියෙන්නේ එක්කෝ දරුවන්ගේ පියා හැර ගිහින්, එහෙම නැත්නම් හදා ගැනීමට ඇති ආර්ථික දුෂ්කර තාවය. කුණු ගොඩකට විසි නොකර දරුවන් අවශ්‍ය කෙනෙකුට ලබා දීම වරදක්ද? නීතියේ ඇති මෙවන් ක්‍රියා නිසා සිදුවන්නේ නීති විරෝධී ගබ්සාවන්ට මෙවැනි මවු වරුන් පෙළඹීමයි.

:       0       13

වීරසිංහ Thursday, 07 December 2023 06:09 PM

ඇයි ප්‍රදීප්...? මේ අම්මා නිවසක මෙහෙකාර සේවයේ යෙදීමට ගියාම ගෘහ මූලිකයාගේ හෝ එවැනි කෙනෙකුට දාව හැදුණු දරුවෝ වෙන්න බැරිද? විදේශ රැකියා සඳහා යද්දී තනතුරු නාමයක් ලැබුණාට ලංකාවේ කළාම මෙහෙකාරියක් වෙනවා. ඔන්න ඔහොම තමයි ලංකාවේ තත්වය කියන්න පුළුවන් මෙහෙම දේවල් සඳහා DNA පරීක්ෂණයක් කර සත්‍යම පියා... කාන්තාව මෙහෙකාර සේවයේ යෙදුණු ගෙදර අයකුගේ හෝ සම්බන්ධ කෙනෙකුගේ නම් එවැනි අයට දඬුවමක් දෙන්න කටයුතු කළොත් හොඳයි... එහෙම නැතුව මේ අසරණ කාන්තාව තවත් පීඩාවට පත්කිරීම සුදුසු දෙයක්ද කියලා මනා සිහිබුද්ධියෙන් සිටින සියලු දෙනාම කල්පනාවට ගතහොත් ඉතාමත් හොඳයි...!

:       0       0

බද්රානි Thursday, 07 December 2023 03:26 PM

ඇඟ විකුණලා ජීවත් වෙන්න වෙලා තියන රටේ, දරුවෙක් විකුණලා ජීවත් වෙන එක වැරැද්දක්ද? පාලකයින්ගේ දරුවෝ ඩොලර් මිලියන ගණන් වියදම් කරලා "ජොලියට රොකට් යවපු රටේ" දුප්පත් දරුවන්ට අනාගතයක් තියනවා කියලා කවුරු හරි හිතනවාද..? දරුවෝ මහපාරේ හිඟා කනවාට වඩා, කොහේ හෝ තැනක කාලා බීලා ඉන්න එකද දැන් ලංකාවේ තියන ලොකුම වැරැද්ද..? තරුණ මව්වරුන්ට වඳ සැත්කම කරගෙන කන්න සිදුවෙන තත්වයට තමයි අපේ රටේ පාලකයෝ මේ රට පාලනය කරලා තියෙන්නේ... වර්තමාන හයිටිය තමයි අනාගත ශ්‍රී ලංකාව කියන්නේ. දැනටමත් ඒක සියයට අනුවක් සිදුවෙලා ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 211 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site