ඉන්දිකා රාමනායක
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධුර කාලය අවසන් කර අදට (4) දින 9ක් ඉක්ම ගියද නව පොලිස්පතිවරයකු පත් නොකිරීම හේතුවෙන් පොලිසියේ පරිපාලන කටයුතු අකර්මන්‍ය වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
පොලිසියේ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දීමට, නියෝග දීමට, අනුමැතිය දීමට දින නවයක් තිස්සේ පොලිස්පතිවරයකු නොමැති කමින් මෙම තත්වය උද්ගත වී ඇති බව එම ආරංචි මාර්ග කියයි.
මේ අතර නව පොලිස්පතිවරයා පත්කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපයේදී නම් තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වයඹ) ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) ප්‍රියන්ත වීරසූරිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සබරගමුව) පී.පී.එස්.එම්. ධර්මරත්න යන මහත්වරු ජ්‍යෙෂ්ඨතා ලේඛනයට අනුව ඉදිරියෙන් සිටිති.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය ඉකුත් 26 වෙනිදා අවසන් වීම හේතුවෙන් පොලිස්පති නිල කාමරයේ තිබූ ඔහුගේ බඩු බාහිරාදිය ද ඉවත්කර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වූ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනිදා විශ්‍රාම යාමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මාස 3 ක සේවා දිගුවක් දෙනු ලැබීය.
එම සේවා දිගුව ද ඉකුත් 25 වැනිදායින් අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පත්කරනු ලබන පුද්ගලයා අනුව අපේ ඉදිරි කතිරය තීරනය වේ.
එතුමා සිටියත් නොසිටියා වගේ තමයි.
වඩක් කර ගන්න බැරි දුර්වල අදක්ශ හා අකාර්යක්ශම නායකයෙක් හිටියම මෙ වගෙ දේවල් වෙනවා.
හිස් වූ පොලිස් මහ පුටුවට චෝදනා නොලද හෝ අවම චෝදනා තිබෙනා වූ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කරවීමට සහ අරගල සමග ගැටුම් අර්හිකර නොගෙන සාකජා වෙන් ගැටළු විසදීමට හැකියාවක් සහ ජාත්‍යන්තර පොලිසිය සමග හොදින් ගනුදෙනු කළහැකි දේශපාලන තීන්දු මත රාජකාරි නොකරන පුද්ගලයකු පත්කර ගත යුතුවේ, ද්‍රවිඩ හෝ මුස්ලිම් ජාතිකයකු උවද වඩාත් සුදුසුවේ. 1948 නිදහසින් පසු පළමු පොලිස්පතිවරයාවූ Sir Ricard Aluvihare1946 – 1955 සේවය කර ඇත. ඉන්පසු ජේ ආර් ජයවරදන ජනාධිපතිවරයා සමයේ Rudra Rajasingham 20.04.1982 – 20.04.1985, දක්වාත් T.E. Anandarajah 28.08.2002 – 14.10.2003 දක්වාත් ද්‍රවිඩ පොලිස් පතිවරුන් ලෙස සේවය් කර ඇත. මුස්ලිම් ජාතිකයකු පොලිස් පතිවරයාවසයෙන් පත්ව නොමැත. කෙසේ හෝ වේවා පුද්ගලයාගේ සේවාකාලය මත තනතුරු ලැබිය යුතු උවත් දනා සිටිනා පිරිස අතර සුදුස්සකු තෝරාගැනීමට අපහසු තත්වයක් ඇතනම් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය සහ රටේ පුරවැසියන් සමග ගනුදෙනු කිරීමේදී ඔහුගේ හැකියාවන් සියල්ල අදීක්ෂණය කර ද්‍රවිඩ හෝ මුස්ලිම් පිලිස්පති වරයකු පත්කර ගැනීමට හැකිනම් මේ අවස්ථවේ වැදගත්වනු ඇත. එයට රටේ පුරවැසියන්ගේද ප්‍රසාදය හිමිවනු ඇත.
දේශයත් දැන් බින්දුවටම වැටිලා නිසා ඔය මොකා පත් කලත් කමක් නැහැ
ඇත්තටම පොලිස්පති යනු පරිපාලන තනතුරක්. නියෝජ්‍ය පොලිස්පති වරුන්ට වගකීම් බෙදාදී ඔවුන්ව නිසි ලෙස මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම කළහැකි අයෙකු මෙම තනතුරට පත්කිරීම කාලෝචිතයි . පළමු ශ්‍රී ලාංකික පොලිස්පති වූ සර් රිචර්ඩ් අලුවිහාරේ වැනි අයෙකු පත්කිරීම සුදුසුයි .
පවුල් පාලනේ බලයේ හිටියානම් මෙළහකටත් කඩේ යන කෙනෙක් පත්කරලා ?
ඒ තොප්පියටත් තමුන්ම දාගත්තානම් ඉවරයිනේ ?ආයේ මොනවට නම් දෙනවද ?
වහෙන් ඔරෝ නොකිව්වට දේශබන්දු එනව කලබලවෙන්න එපා…!