IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අනතුරු ඇඟවීමක්

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

දැදුරුඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වල ඉදිරි පැය කිහිපය තුල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල දැදුරුඔය දෙපස පදිංචිකරුවන්ට සැළකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා  කළමනාකරණ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීශ්වර මහතා නිවේදනයකින් දන්වා සිටී.

දැදුරුඔය ද්‍රෝණියේ ඉහළ, මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශ වලට ඊයේ (29) රාත්‍රියේ සැළකිය හැකි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් දැදුරුඔය ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇත.

 ඒ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු 08 න් 06 ක් මේ වනවිට විවෘත කර ඇත. වාන් දොරටු විවෘත කිරීමෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 14000 ක ජල පරිමාවක් මුදා හැරෙන බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පවසයි.

 දැදුරුඔය ද්‍රෝණිය තුල වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරන ජල මාපකවල පෙන්වන ජල මට්ටම් අනුව ඉදිරි පැය කීපය තුල දැදුරුඔය ජලාශය වෙත ලැබෙන ජල පරිමාව ඉහළ යන තත්වයක් ඇතිවිය හැකි බවද නිවේදනයේ සදහන් වේ.

 



අදහස් (0)

දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site