IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දෙතැනකින් වරප්‍රසාද භූක්ති වින්ද 18 පන්නයි

(යොහාන් භාසුර)

ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් ආයතන දෙකකින් වරප්‍රසාද ලැබුවේ යැයි කියන ඖෂධවේදීන් 18 ක් නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවැති වෛද්‍ය තාක්ෂණ හා සැපයීම් ආයතනය සහ ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ පරීක්‍ෂණාගාරයේ කටයුතු ජාතික ඖෂධ නියාමන අධීකාරියට 2015 වසරේ පත්කිරීමෙන් පසු අහෝසි වූ ආයතනවල සේවයේ නිරතවූ ඖෂධවේදීන් මෙසේ තාවකාලිකව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවයට අනියුක්ත කර තිබුණි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්ථිර සේවයට ඇතුළත්වීමට එම ඖෂධවේදීන්ට වරින් වර අවස්ථාවන් දුන්නද විවිධ හේතුන් දක්වමින් එම අවස්ථා පැහැර හැර සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් වසර අටකට ආසන්න කාලයක් වරප්‍රසාද ලබමින් ඔවුන් සිටි බවත් ඒ හේතුවෙන් අධිකාරියේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට ද ගැටලු නිර්මාණය වූ බවත් එම අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.

 

 



අදහස් (2)

දෙතැනකින් වරප්‍රසාද භූක්ති වින්ද 18 පන්නයි

PRASANNA Wednesday, 14 June 2023 07:06 PM

අපේ නාකි ජනාධිපති සෙට් එකත් ඔය වගේ තමයි. මන්ත්‍රී සහ ජනාධිපති වරප්‍රසාද භුක්ති විඳිනවා. නමුත් නීතිය සැමට සමාන නැත..

:       6       9

WANAYA Wednesday, 14 June 2023 08:31 PM

NMRA එක කියන්නේ හොර ගුහාවක් .ජරාව කන එකමයි ඕකේ සේවකයන්ගේ වැඩේ.ඔතන ඔෆිස් එකේ පියන් කෙනෙකුත් ලක්ෂ 2 ක් විතර පඩි ගන්නවා .කොමිස් ගහලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 403 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 564 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 232 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site