
(යොහාන් භාසුර)
ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් ආයතන දෙකකින් වරප්‍රසාද ලැබුවේ යැයි කියන ඖෂධවේදීන් 18 ක් නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවැති වෛද්‍ය තාක්ෂණ හා සැපයීම් ආයතනය සහ ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ පරීක්‍ෂණාගාරයේ කටයුතු ජාතික ඖෂධ නියාමන අධීකාරියට 2015 වසරේ පත්කිරීමෙන් පසු අහෝසි වූ ආයතනවල සේවයේ නිරතවූ ඖෂධවේදීන් මෙසේ තාවකාලිකව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවයට අනියුක්ත කර තිබුණි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්ථිර සේවයට ඇතුළත්වීමට එම ඖෂධවේදීන්ට වරින් වර අවස්ථාවන් දුන්නද විවිධ හේතුන් දක්වමින් එම අවස්ථා පැහැර හැර සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් වසර අටකට ආසන්න කාලයක් වරප්‍රසාද ලබමින් ඔවුන් සිටි බවත් ඒ හේතුවෙන් අධිකාරියේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට ද ගැටලු නිර්මාණය වූ බවත් එම අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නාකි ජනාධිපති සෙට් එකත් ඔය වගේ තමයි. මන්ත්‍රී සහ ජනාධිපති වරප්‍රසාද භුක්ති විඳිනවා. නමුත් නීතිය සැමට සමාන නැත..
NMRA එක කියන්නේ හොර ගුහාවක් .ජරාව කන එකමයි ඕකේ සේවකයන්ගේ වැඩේ.ඔතන ඔෆිස් එකේ පියන් කෙනෙකුත් ලක්ෂ 2 ක් විතර පඩි ගන්නවා .කොමිස් ගහලා