(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කල්මුණේ මහ නගර සභාවට අයවිය යුතු රුපියල්18,094,795,28මුදලක් පරිගණක  දත්ත වෙනස්කර  වංචාවෙන් ලබා ගත්තේ යැයි කියන එම නගර සභාවේ කාර්යාල කාර්ය සහායකයින් දෙදෙනකු රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 25 සහ 26 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙකි. මොවුන් දෙදෙනා කල්මුණ ,සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි අය වෙති.

කල්මුණ මහ නගර සභාවේ බලධාරීන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම කාර්යාල කාර්ය සහායකයින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි රහස් පොලීසිය පවසයි.

රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ(3)නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.