(සුජිත් හේවාජුලිගේ )
රජයට අයත් ගොඩනැගිලි තිබියදී විදේශ දූත මණ්ඩල දෙකක් සඳහා කුලී නිල නිවාස සඳහා රුපියල් පන් කෝටි පනස් පන් ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
ඕස්ට්‍රේලියාව,ස්වීඩනය හා කෙන්යාව යන රටවල ශ්‍රී ලංකා රජයට අයත් ගොඩනැගිලි පැවතියද ඒවා නඩත්තු නොකිරීම හේතුවෙන් 2022 වර්ෂයේදී මෙසේ කුලියට නිල නිවාස ලබාගෙන ඇති බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර පිටෝරියා විදේශ දූත මණ්ඩලයේ 2014 හා 2015 වර්ෂ වලදී සිදු වූ වාහන අනතුරු දෙකක් ( පාඩුව රුපියල් හය ලක්ෂයකට වැඩිය)සහ විදේශ දූත මණ්ඩල තුනක මුදල් සොරකම් සම්බන්ධයෙන් නිසියාකාරව කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එසේම ලන්ඩන් විදේශ දූත මණ්ඩලයේ සිදුවී ඇති රුපියල් ලක්ෂ දහයකට වැඩි සොරකමක් සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව එම කාර්යාලය සඳහන් කරයි.
මේ අතර නිලධාරීන් පිරිසක් ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපාය අධ්‍යයන ආයතනයට විධිමත්ව අනුක්ත නොකර ඔවුන්ගේ වැටුප් ලෙස එක්කෝටි විසි නව ලක්ෂයකට වැඩි මුදලක් 2022 වර්ෂයේදී කාර්ය පටිපාටි නීති සංග්‍රහයට පටහැනිව ගෙවා ඇතැයි විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ 2022 කාර්යසාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දූත මණ්ඩල දෙකක කෝටි 5ක් වතුරේ ගිහින්
ravin Tuesday, 04 July 2023 04:05 PM
හා බලාගෙන ගියාම දූෂණයෙන් තොර කිසිම රාජ්‍ය ආයතනයක් නොමැති තරම්... සෘජුව හා වක්‍රව අපි බදු ගෙවන්නේ දූෂණය පවත්වාගෙන යාමට නම් බදු නොගෙවීමට සියලු දෙනාම අනිවාර්යයෙන්ම එකඟ වෙනවා...