(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධික වර්ෂා තත්ත්වය දිගටම තිබුණොත් ඉදිරියේදී ජනතාවට විදුලි සහනයක් ලබා දීමට හැකි වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මිනිස්සුන්ට විදුලි බිල ගෙවාගන්න අමාරුකම් තිබෙන බව පිළිගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට සම්පූර්ණ ධාරිතාවෙන් ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන බව කී අමාත්‍යවරයා එහෙම වුණත් එක්වරම මිල අඩු අඩුකිරීමක් කරන්නට හැකි වන්නේ නැතැයි කීය.
යම් සහනයක් ලැබෙනවානම් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඒ සහනය අනිවාර්යෙන්ම ජනතාවට දෙන්නේ යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා
දැන් ඉතින් හෙට ඉඳන් වහින එකකුත් නෑ .මුගේ මූසල කට හින්දා
තමන්ට අදාළ විෂයක් කතාකරපන් මැට්ටා .
මේ කරන වැඩ වලට තොපි හැම එකාම අපායට තමයි. කංචනය කටු ඉඹුලෙ නගිනකොට තෝත් පස්සෙන්ම පල. තිරිසනා
අපි දන්න විදිහට නම් හොරාකන හා උඩින් ඉඳන් උලාකන අයට එළෙව්වොත් හැමදාම ගණන් පහළ බහියි.
මාස 4 පමණ සිට නොකඩවා වහිනවා... කඳු නාය ගිහින් ගංගා, ජලාශ පිරිලා, ඉතිරිලා ගිහින් මේකත් මදි නම් කියන්න වෙන දෙයක් නැහැ... ඔයාගේ ගමත් යටවෙලා මැට්ටෝ..., ඔයා මේවා දන්නේ නැද්ද? අඩු කරන්න බැරි නම් රෝල් කරලා ගහගනින් කැමැති තැනක...!
වැස්ස එපා වෙන්නේ ඔහේ ගෙදර ඉන්න වෙලාවක කන්දක් ගෙදරට පාත් වුණොත්...!
තමන්ගේ විෂය පථයට අදාළ නැති දෙයක් ගැන සහතික වෙන්නේ කොහොමද? පාර්ලිමේන්තුව තුළ විදුලිබල මණ්ඩලය ගැන කතාවෙනවා දැක්කා... හැබැයි කවුරුවත් එහි දූෂණ, වංචා ගැන කථාකළේ නැහැ. පැන්ෂන් යන්න ඉන්න නාකි අම්මණ්ඩි සෙරෙප්පු බෑග් අරගෙන බිල මණ්ඩලයට ගෙවන්න දැම්මේ මෙය පුරුද්දක් හැටියට කෙරෙන නිසා. එවැනි දූෂණ ගැන පාර්ලිමේන්තුවේ කථා කලේ නැහැ. පාර්ලිමේන්තුවේ අයත් ඒක හංගන බවයි පෙනුනේ. ලොක්කා ඒ ගැන විගණන පරීක්ෂණයක් ඉල්ලනවා. එතකොට පරණ දේවල් එළියට ඇදිලා ඒවි...!