IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දිගුකාලීන ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කරයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවෙි අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) සිදු විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ ආර්.එම් පාර්ක්ස් සමාගමේ උප සභාපති ජස්ටියන් ඩිවිස් (Justion Divis)  යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබූහ.

බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාර්ක්ස් සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව  දින 45ක් ඇතුළත ශ්‍රී ලංකාවෙි සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ණයවර ලිපි විවෘත කර බිල්පත් පියවන අවස්ථාවේ ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) මෙන්ම ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (LIOC) සැලසුම් කළ පරිදි ඉන්ධන තොග ගෙන්වා ගැනීමට පසුගිය කාලයේදී  නොහැකි විය.
එබැවින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මඟින් මෙම උපාය මාර්ග සැලසුම් දියත් කෙරිණි.

එහි පළමු අදියර ලෙස  කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව, මෙරට ක්‍රියාත්මක බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලයේ  ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල ස්ථාපිත කීර්තිමත් සමාගම්වලට  ආයෝජනය සඳහා ආරාධනා කෙරිණි.

එහිදී වෙළඳපොළට ඇතුළු වන නව සිල්ලර සැපයුම්කරුවන් සඳහා පනවා ඇති එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ දේශීය බැංකු මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි. 



අදහස් (2)

දිගුකාලීන ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කරයි

සල්ලි Thursday, 08 June 2023 05:14 PM

මේ එක එක නම් ඉස්සරහට දාගෙන එන්නේ අපෙන් හොරකම් කරපු ඩොලර්ද?

:       1       0

Bamunuarachchi Friday, 09 June 2023 12:30 PM

මේ තව හෙජින් එකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 542 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site