IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


දිගු කාලීන තිරසාරත්වයට පුනර්ජනනීය බලශක්තිය

ජිතේන්ද්‍ර ඇන්ටෝනියෝ විසිනි

ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ කාර්මික සංවර්ධනයට මෙන්ම නූතන සමාජය නිර්මාණය වීමට මූලික වශයෙන් බලපෑ සාධකයක් ලෙස හඳුන්වා දිය හැකි ෆොසිල ඉන්ධන, ක්‍රමයෙන් අවසන් වෙමින් පවතින බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම ඉන්ධන භාවිතය පාරිසරික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද අභියෝගාත්මක ලෙස බලපාන බව පැවැසුවහොත් එය නිවැරැදිය.

කාබන් විමෝචනයට අමතරව, ෆොසිල ඉන්ධන තාපය රඳවා තබා ගැනීම නිසා ගෝලීය උණුසුම ඉහළ යාමට, වායු දූෂණයට මෙන්ම දේශගුණික විපර්යාසවලට ද එය ප්‍රබල ලෙස බලපා ඇත. ගල් අඟු‍රු බලාගාර නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා පස හා භූගත ජලය දූෂණය කරන ගල් අඟු‍රු අළු නිර්මාණය වන අතර, ෆොසිල ඉන්ධන බලාගාර සඳහා සැලකිය යුතු ජල ප්‍රමාණයක් අවශ්‍ය වීම නිසා අදාළ ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රාදේශීය ජල සම්පත වෙත ද අනිසි බලපෑම් නිර්මාණය වීමේ අවදානමක් පවතී.

වාතය සහ ජලය දූෂණය වීම හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යය වෙත ද දැඩි බලපෑමක් එල්ල වේ. ශ්වසන සහ හෘද රෝග, ඇදුම, පෙනහලු‍ පිළිකා සහ පරිසර දූෂණය හා සම්බන්ධ අනෙකුත් සෞඛ්‍ය ගැටලු‍ හේතුවෙන් ජනතාවගේ වෛද්‍ය වියදම් වැඩි වන අතර, එමගින් ඵලදායිතාව අවම වීම සහ ජනතාව අකල් මරණවලට ගොදුරු වීම ද දැඩි සමාජ ගැටලු‍වක් බවට පත්ව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් සිදු කරන ලද සමීක්ෂණයක් මගින් අනාවරණය වී ඇති අන්දමට, ෆොසිල ඉන්ධන ආශ්‍රිත වායු දූෂණය හේතුවෙන් ඉහළ ගොස් ඇති වාර්ෂික ගෝලීය සෞඛ්‍ය පිරිවැය ඩොලර් ට්‍රිලියන ගණනක් වන බව වාර්තා වී ඇත.

බොහෝ දුරට ෆොසිල ඉන්ධන විමෝචනය නිසා නිතර නිතර ඇති වන සුළි කුණාටු, ගංවතුර සහ නියඟ වැනි දේශගුණික විපර්යාසයන්ට පිළියම් යෙදීම හා ඊට ඔරොත්තු දිය හැකි වන පරිදි පහසුකම් සැලසීම සඳහා වන ආර්ථික පිරිවැය දැඩි ලෙස ඉහළ යමින් පවතී. වසර 2030 වන විට දේශගුණික විපර්යාස නිසා මිලියන 100කට අධික ජනතාවක් දරිද්‍රතාවට පත් විය හැකි බව ලෝක බැංකුව ඇස්තමේන්තුගත කර ඇත.

මේ නිසාම කුඩා ආර්ථිකයක් සහිත දූපත් රාජ්‍යයක් මෙන්ම ෆොසිල ඉන්ධන ප්‍රභවයන් නොමැති රටක් වශයෙන් ශ්‍රී ලංකාව වර්තමානය වන විට දැඩි අවදානම් සහගත තත්වයක පසු වන අතර, මුහුදු මට්ටම ඉහළ යාමත් සමග පාරිසරික වශයෙන් දේශගුණික විපර්යාසවලට ලක් වීම මෙන්ම ෆොසිල ඉන්ධන ආනයනය සඳහා වන වියදම් දිනෙන් දින ඉහළ යාම ද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ප්‍රබලතම ගැටලු‍ ලෙස හඳුන්වා දිය හැකිය. එම නිසා ම ශ්‍රී ලංකාව වෙත දිගු කාලීන තිරසරභාවය ළඟා කරගැනීමට නම්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් සිදු කරන ලද ඒකාබද්ධ අධ්‍යයනයකට අනුව, ශ්‍රී ලංකාව තුළ ගිගාවොට් 16ක සූර්ය බලශක්ති පරිමාවක් නිපදවීමේ හැකියාව පවතින බවට අනාවරණය වී ඇති අතර, ලෝක බැංකුව ඇස්තමේන්තු කරන පරිදි ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආශ්‍රිත සුළං මගින් නිපදවිය හැකි බලශක්ති ධාරිතාව ගිගා වොට් 92 කි.

වසර 2030 වන විට සියයට 70ක පුනර්ජනනීය බලශක්ති උත්පාදනයක් සාක්ෂාත් කරගැනීම සහ වසර 2050 වන විට කාබන් විමෝචනය අතින් මධ්‍යස්ථ රටක් බවට පත්වීමේ අභිලාෂය පෙරදැරිව ශ්‍රී ලංකාව කටයුතු කරයි. එමෙන්ම ෆොසිල ඉන්ධන මත පදනම් වූ බලාගාර මගින් ජනනය කෙරෙන බලශක්ති පරිමාව මෙරට සමස්ත බලශක්ති නිෂ්පාදනයෙන් සියයට 54කි. ඊට අමතරව සූර්ය ශක්තියෙන් හා සුළං මගින් රට තුළ නිපදවන බලශක්ති පරිමාව සමස්ත බලශක්ති නිෂ්පාදනයෙන් සියයට 8කට අඩු අගයක් ගන්නා අතර, රට තුළ නිපදවන ජල විදුලිය සමස්ත බලශක්ති නිෂ්පාදනයෙන් සියයට 31කි.

ස්ථාපිත ධාරිතාව අනුව, 2024 මාර්තු 31 වන දිනට, මෙගා වොට් 5,012ක් ලෙස වාර්තා වූ ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි ජනන ධාරිතාවෙන්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිපදවූ බලශක්ති ධාරිතාව මෙගා වොට් 1,093ක් වූ අතර, එය සමස්ත බලශක්ති නිෂ්පාදනයෙන් 5/1ක් පමණ වේ. අනාගතයේදී එකතු වීමට නියමිත මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතිවලට අමතරව, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා සුළං සහ සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතිවලට වැඩි බරක් ඉසිලීමට සිදු වනු ඇත.

ඉදිරි වසර 25 තුළ රටේ බලශක්ති ඉල්ලු‍ම වාර්ෂිකව සියයට 5ක වර්ධනයක් සිදු වනු ඇති බවට අපේක්ෂා කෙරෙන අතර, ඊට අවශ්‍ය සැපැයුම ලබා දීම සඳහා අදාළ කාලය තුළ ශ්‍රී ලංකාවට සූර්ය බලශක්තිය මගින් මෙගා වොට් 4,700ක් සහ සුළං බලයෙන් මෙගා වොට් 1,800ක් ආදි වශයෙන් අලු‍තින් මෙගා වොට් 7,000ක ධාරිතාවක් පුනර්ජනනීය බලශක්තිය හරහා එක් කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී මෙම ඉලක්ක සපුරා ගැනීම ලංකා විදුලිබල මණ්ඩලයට තනිව සිදු කළ නොහැකි නිසා අමතර ධාරිතාවෙන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට අවශ්‍ය වනු ඇති අතර, පෞද්ගලික අංශයේ බලශක්ති නිෂ්පාදකයන් හෙවත් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් විසින් වර්තමානය වන විට සුළං මගින් මෙගා වොට් 163ක් සහ සූර්ය ශක්තිය මගින් මෙගා වොට් 137ක් නිෂ්පාදනය කරනු ලබන බව ද පැවැසිය යුතුමය.

පිරිවැය සම්බන්ධයෙන් ද පුනර්ජනනීය බලශක්තිය වඩාත් යෝග්‍ය විකල්පයක් ලෙස සඳහන් කළ යුතුමය. උතුරේ සුළං බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඒකකයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 8.26ක හෝ රුපියල් 24.78ක තරගකාරී ගාස්තුවක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ දත්තවලට අනුව, 2022 වසරේදී, අදාළ ව්‍යාපෘතියේ තාප විදුලිය (ගල් අඟු‍රු + ඉන්ධන) සඳහා වූ පිරිවැය ඒකකයකට රුපියල් 26.65කි. එමෙන්ම එහිදී රුපියල් 49-130 දක්වා වූ පිරිවැයට ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන්ගෙන් තාප විදුලිය මිලදීගෙන ඇති බව ද වාර්තා වේ. එබැවින් තාප විදුලි භාවිතය අතිශයින්ම මිල අධික මෙන්ම, පරිසරය වෙත කාබන් වැඩි වශයෙන් මුදාහැරෙන ක්‍රමවේදයක් බව පැවැසිය හැකිය. 2022 වසරේදී විදුලිබල මණ්ඩලය ඉන්ධන තෙල් ලීටර් මිලියන 330ක් සහ ගල් අඟු‍රු ටොන් මිලියන 2.3ක් පරිභෝජනය කර ඇති බව ද පැවැසිය යුතුම කරුණකි.

මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන් සහ පුරවැසියන් එක්ව පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය සඳහා වන ජාතික ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් සකස් කළ යුතු අතර, මෙම මූලික ඉලක්කය පදනම් කරගනිමින් අනෙකුත් සියලු‍ ක්‍රියාමාර්ග ගත යුතුය.

‘ලේඛකයා ශ්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දත්ත විශ්ලේෂණ පිළිබඳ විශේෂඥ උපදේශකවරයෙකි.



අදහස් (1)

දිගු කාලීන තිරසාරත්වයට පුනර්ජනනීය බලශක්තිය

Lionel Ranawaka Friday, 19 July 2024 07:54 PM

මූලික වශයෙන්, වහල මත සවි කරන ලද සූර්ය පැනල ආයෝජනය කිරීම සඳහා ඒ ඒ අංශ වලින් ලැබෙන සහයෝගය බොහෝවිට අධෛර්යමත් කරන සුළුයි. සියලු වැඩ නිම කරත් මීටර් නැත... වයර් නැත. නමුත් ඇස්තමේන්තු ඉතා නිවැරැදිව ගෙව්වත් ගෙව්වක්, ආයෝජකයාට නිසි අයුරින් වැඩ නිමකර ගත නොහැක. ඊටත් අමතරව ඉතා වැදගත් වන්නේ ඒ කටයුතු කරගෙන යන අතරතුරදී අපට ගෙවන යුනිට් එකට ප්‍රමාණයක් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකළ විට අපි අපහසුතාවයකට සහ ඉච්ඡා භංගත්වයට පත්විය. එම නිසා ක්‍රියාත්මක වූ ගෙවීම් අනුපාතය පවත්වාගෙන යන මෙන් කාරුණිකව ඉල්ලනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 302 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 77 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 287 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 709 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 401 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 708 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1394 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 356 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site