IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා 3 ක් සමග 16 ක් ගොඩබිමට ගෙනෙති

(ඉන්දිකා රාමනායක)

දකුණු මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ගෙන ආ යාත්‍රා දෙක හා සැකකරුවෝ අද (5) හැදල දික්ඕවිට වරාය වෙත රැගෙන ආහ.

එහි හෙරොයින් කිලෝ 400 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් තිබී ඇත.

දින 25 ක් පුරා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මෙම වැටලීම සිදුකර තිබිණි.

මෙම විදේශ යාත‍්‍රා දෙක එම රටවලට අයත් ධජ වලින් තොරව අන්තර් ජාතික සම්මුතියට පටහැනිව ගමන්  කරමින් තිබී ඇති බවද නාවික හමුදාව පවසයි.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  දෙස් විදෙස් සැකකරුවන් 16 දෙනා ද ගොඩබිම වෙත රැගෙන විත් තිබු අතර ඉන් 12 දෙනෙකු ඉරාන ජාතිකයෝ වෙති.

මින් එක් ඉරාන යාත‍්‍රාවක් ගොඩබිම සිට මීටර් 1111  දුරකින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සෙසු යාත‍්‍රාව මීටර් 1000 ට ආසන්න දුරකින් තිබූ බව නාවික හමුදාව කියයි.

මෙම යාත‍්‍රා දෙකේ තිබූ මත්කුඩු හා  අයිස්  තොගය ගොඩබිම වෙත රැගෙන යාමට සඳහා ගොඩබිම සිට පැමිණ සිටි කුඩා යාත‍්‍රාව  දකුණ මුහුදු තීරයේ දී අත්ඩංගුවට ගෙන තිබිණි. එම යාත‍්‍රාව ද අත්අඩංගුවට ගත් යාත‍්‍රා තුන අතර විය.

මෙහිදී  යාත‍්‍රාවල තිබී අත්අඩංගුවට ගත් හොරොයින්  කිලෝ 400 ට අධික ප‍්‍රමාණයෙන්   ඉතිරිව තිබූ හොරොයින්  කිලෝ  330  ක  ප‍්‍රමාණය හා අයිස් කිලෝ 50 ක ප‍්‍රමාණය   ගොඩබිම වෙත රැගෙන විත් තිබිණි.

නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය  ඒකාබද්ධව මෙම මෙහෙයුම් සිදුකළ අතර  විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ ගොඩබිම සිට අවශ්‍ය බුද්ධ තොරතුරු ලබා දෙමින් සහය  ලබා දී තිබූ බව පොලිසිය පවසයි.

මෙම සියලූ හොරොයින් ප‍්‍රමාණය   ග‍්‍රීන් ටී  වශයෙන්  රතුපාට හා කොළ පාට ඇසුරුම්වල  අසුරා තිබිණි.

ගොඩබිම වෙත  රැගෙන විත් තිබූ යාත‍්‍රා, හොරොයින් හා අයිස් දික්ඕවිට වරායේ ජැටියේ දී නාවික හමුදාපතිවරයා , පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසගේ නිරීක්ෂණයට ලක්වුහ.

 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (2)

දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා 3 ක් සමග 16 ක් ගොඩබිමට ගෙනෙති

Pradeep Thursday, 05 March 2020 04:47 PM

විශිෂ්ටයි මහත්වරුනි.. ඒ වගේම මේ අල්ලන මත්ද්‍රව්‍ය වලට වෙන්නේ මොනවද කියලත් මාධ්‍ය වලට දෙන්න. මාධ්‍ය ආයතනත් ඒ ගැන සොයාබලා ජනතාව දැනුවත් කරන්න. පසුගිය මාසයක පමණ කාලය තුළදී අති විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තා. නමුත් ඉන් එහාට ඒ ගැන තොරතුරක් නෑ. සමහර විට අප නොදැනුවත්ව පරීක්ෂණ කටයුතු වෙනවා ඇති, ඒ වගේම අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය විනාශ කරලත් ඇති. නමුත් කරුණාකර ජනතාව දැනුවත් කරන්න.

:       0       322

කිරිසුදු හා පැටියා Friday, 06 March 2020 01:00 AM

මත්ද්‍රව්‍ය භාවිතා කරන රටේ තරුණ පරපුර මැස්සො බීලා වගේ. රොඩු බොඩු වෙලා බොල් වෙලා උන්ගේ සරීර කූඩුව... අනාගතය අනාගෙන උන්... මෙව්වාට තවත් දහජරාව කලවම් කරලා දෙගුණ තෙගුණ කරලා පොවන්නේ මේ රටේම පුරවැසියන්ට. පුවත් වාර්ථා අනුව මෙව්ව ගෙන්නලා තියෙන්නෙ අධි ආරක්ෂාව ඇතිව හිරේ ඉන්න කුඩු කප්පිත්තන් දෙන්නෙක්. කුඩු පැකැට්ටුව උරන කෙනාව දස වද දීලා හිරේ දානවා. දඩ ගහනවා, එව්වයින් ආණ්ඩුව සල්ලි හොයනවා. ඇතැම් විට ලඟ කුඩු නැතිවත් පොලීසියට නඩු ඕනෑ උනාම ගෙනිහින් උසාවි දානවා. මේ වාගේ කිලෝ ගණනින් ගෙන්නන එවුන් ඇපල් මිදි කකා සුපිරි ෆෝන් තියාගෙන ආරක්ෂාවත් ඇතිවම ජාවාරම කරගෙන යනවා. සේරම වෙන්නෙ නැති බැරි එකාට. * ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පුරවැසි අපගේ ගෞරවනීය ස්තූතිය !!!

:       0       125

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 336 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 172 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1849 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site