
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ දී පැවැත්වුණු 2025 දකුණු ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) දිවයිනට පැමිණියහ.
එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීහු ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කීවේ ජයග්‍රහණය උදෙසා කැපවීමෙන්, උනන්දුවෙන් තරඟ කිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත්, ඔවුන්ගේ පුහුණුකරුවන්ටත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ස්තූතිය පිරිනමන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මගුල් බෙර. උඩරට නැටුම්. මේ වීරයන්ට නැති ඒවා කාට පාන්නද ?