(යොහාන් භාසුර)
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහිදී අද (7) පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 102 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් වාර්තාගත ජයක් ලැබීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 429 ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 44.5 කදී ලකුණු 326 කට සීමා විය.
පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 428 ක් රැස් කිරීමට සමත් විය.
එම ලකුණු 428 එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස්කල ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ.
දකුණු අප්‍රිකානු පිල රැස් කළ මෙම ලකුණු 428 ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී ඕනෑම රටක් මෙතෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඉන්දියාව මීට පෙර 2009 වසරේ රැස් කළ ලකුණු 414 ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි. කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු පිලට ආරාධනා කළේය.
දකුණු අප්‍රිකානු පිල ඕවර 50 50 යෙදී කඩුලු 5 ට 428 (කුවින්ටන් ඩී කොක් 100, රෙසල් වෑන්ඩර් ඩුසේන් 108, ඒඩන් මක්‍රම් 106, හෙන්රිච් ක්ලාසීන් 32, ඩේවිඩ් මිලර් නොදැවී 39, ඩිල්ශාන් මධුසංඛ 86/2)
ශ්‍රී ලංකා පිල ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 326 (කුසල් මෙන්ඩිස් 76, සදීර සමරවික්‍රම 23, චරිත් අසලංක 79, දසුන් ශානක 68, කසුන් රාජිත 33, මාකෝ ජැන්සන් 92/2, ජෙරල්ඩ් කොයිට්ෂි 68/3, කේෂාව් මහරාජ් 62/2)
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු අප්‍රිකාව ලකුණු 102 කින් ශ්‍රී ලංකාව පරදවයි
don Sunday, 08 October 2023 08:16 AM
මතීෂ පතිරණ ළමයාට හැම කණ්ඩායමකම අධිකව ලකුණු ලබාගන්නවා කියලා පේන්නේ මට විතරයිද?
de silva Sunday, 08 October 2023 02:54 PM
අනේ මම නම් මේවා බලන එක නවත්තලා දැම්මා. මේවා තේරුමක් නෑ.