IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


තොරතුරු පද්ධතිය හාන්සි: සමාගම් ලියාපදිංචිය කොටඋඩ

(සුජිත් හේවාජුලිගේ)

තොරතුරු පද්ධතිය බිඳවැටීම හේතුවෙන් සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ සමාගම් ලියාපදිංචි කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ හේතුවෙන් දිනකට රුපියල් ලක්ෂ තිහකට වැඩි පාඩුවක් සිදුවන බව වාර්තාවේ.

සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ දත්ත පද්ධතියට අදාල ගිවිසුම පසුගිය මැයි මස 31 වැනිදා අවසන් වීමෙන් පසු එම පද්ධතිය මෙසේ අඩපණවීඇත.

මෙහි පිළිසකර කටයුතු එම කාර්යාලයේ තොරතුරු  කළමනාකරණ කණ්ඩායම යුද හමුදාවේද සහාය ඇතිව කරගෙන යන නමුත්  දත්ත පද්ධතියේ  ක්‍රියාකාරීත්වය  ඉතාම මන්දගාමී මට්ටමක පවතින බව  එහි නිලධාරිනියක් පැවසුවාය.

මෙහි මුල්ම කඩා වැටීම සිදුවී ඇත්තේ ජුලි  12  වැනිදාය. එදින සිට සතියක කාලයක් සම්පූර්ණයෙන්ම ඇණ හිටි බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු  පැවසුවේ පිළිසකර කිරීමේ කටයුතුවල යෙදී සිටින කණ්ඩායමට එම පිළිසකර කටයුතු සඳහා අනිද්දා  බදාදා දිනය තෙක් කල් ලබා දෙන බවයි.

යුද හමුදාවේ කණ්ඩායමට මෙය පිළිසකර කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

සමාගම් රෙජිස්ට්‍රාර්  කාර්යාලයේ වැඩ කටයුතු මෙසේ අඩපණවීමෙන් එහි සේවය ලබා ගැනීමට පැමිණි විශාල පිරිසක් දුෂ්කරතාවයට පත් වූහ.



අදහස් (0)

තොරතුරු පද්ධතිය හාන්සි: සමාගම් ලියාපදිංචිය කොටඋඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site