
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තැපෑලේ රුපියල් කෝටි හතකට අදාල මූල්‍ය වංචා හතළිහක විමර්ශන අවසන්කර නැති හෙයින් ඒවා කඩිනමින් අවසන් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) තැපැල් දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
තැපැල් දෙපාර්තමේන්තුවේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව කෝපා කමිටුව හමුවේ සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය
ඉකුත් 2025 දෙසැම්බර් 31 දින වනවිට අවසන් නොවූ මූලික විමර්ශන ප්‍රමාණය 1538 පමණ බව කාරක සභාව ප්‍රකාශ කළේය
මේවායෙන් මූල්‍ය වංචා 40 කට අදාළව රු. 69,999,317ක වටිනාකමැති විමර්ශන අවසන් කර නොතිබුණු බවත් මෙම විමර්ශන 2007 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාල පරාසයක් පුරා පැවති ඒවා බවත් අනාවරණය විය.
නිලධාරීන් පෙන්වා දුන්නේ විමර්ශන නිලධාරීන්ගේ හිඟයක් පවතිනහෙයින් විමර්ශන ප්‍රමාදවී ඇති බවය.
මේ අනුව මේ සම්බන්ධව වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව තැපැල් දෙපාර්තමේන්තුවට නිර්දේශ කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd