IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


තැපෑලෙන් පණිවිඩයක්

(නිමල කොඩිතුවක්කු)

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා ප්‍රකාශ කරයි.

වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කර කර ගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් සිදුවෙමින් පවතින බවත් තැපැල්පතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ආදී නම් යොදා ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියද උපක්‍රමිකව භාවිතා කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවිඩ මගින් ණය කාඩ් පත් තොරතුරු විමසීමක් කිසිසේත්ම සිදු නොකරන බවත් ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බවත් සත්කුමාර මහතා කීවේය.

මහජනතාව වෙනුවෙන් ලැබෙන කෙටි පණිවිඩ සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවිඩයක් මගින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබාදීම සිදු නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් විමසීම්  සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ උපකාරක සේවාව 1950 සහ තොරතුරු තාක්ෂණික අංශය 011 2542104, 011 2334728, 011 2335978, 011 2687229, 011 2330072 යන අංක වලට දැනුම් දෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.



අදහස් (0)

තැපෑලෙන් පණිවිඩයක්

ඔබේ අදහස් එවන්න

දියත

දරුවන්ට අඩන්තේට්ටම් තහනම් කරමින් තද නීතියක්
2024 අප්‍රේල් මස 30 67 0

සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබ


විදුලි පනත පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය
2024 අප්‍රේල් මස 30 50 0

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ගුවන්තොටේ ගුවන් සෙබළා‌ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 අප්‍රේල් මස 30 780 2

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු


ජනපති මැයි රැලි දෙකක
2024 අප්‍රේල් මස 30 1001 1

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය සමරමින් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වෙයි.


කෝටි 2ක ගජමුතු සමග අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 30 134 0

කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු තොගයක් රිදී මංජුසාවක් සමග ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් මඩකලපුව ප්‍රදේශයේ දී පොලිස


මහින්දානන්ද නඩුවකින් නිදොස් කොට නිදහස්
2024 අප්‍රේල් මස 30 528 2

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 401 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1801 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1625 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site