IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


කෝටි දෙකේ ගෙවල් නඩුවෙන් මහින්දානන්ද නිදහස්

මනෝප්‍රිය ගුණසේකර

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වියදම් කර බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවෙසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඟා තිබු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (30) නියම කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වියදම් කර බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවෙසක් මිලදී ගත් බවට හිටපු ක්‍රිඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ නඩු පවරා තිබුණත් ඉදිරිපත් වූ සාක්කි විමසීමේදී චෝදනාවට පාදකවූ රුපියල් මිලියන 27ක මුදල විත්තිකරු නීති විරෝධී සාපරාධී පරිහරණයකින් හෝ අල්ලසක් වශයෙන් හෝ ලබාගෙන ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව විත්තිකරු නිදහස් කරමින් සඳහන් කළේය.

2012 ඔක්තෝබර් 30 වැනිදාත් 2013 අප්‍රේල් 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධුරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කර බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවෙසක් මිලදී ගත් බවට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ හා මුදල් විශූද්ධීකරණ පනත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

 



අදහස් (14)

කෝටි දෙකේ ගෙවල් නඩුවෙන් මහින්දානන්ද නිදහස්

wedage Tuesday, 30 April 2024 11:47 AM

ඒ කියන්නේ මහින්දානන්ද වරදක් කරලම නැතිද .එම දේපල අයිති කාටද ?

:       3       49

පප්ප Tuesday, 30 April 2024 12:00 PM

මේකා දැන් ලෝකෙටම කිය කිය යයි , මම තරම් උපාසක අප්පු කෙනෙක් මුලු දේශපාලනයෙම නැ කියල. මේ නඩු තීන්ඩුවම පත්තරේ දාන්න කතෘ තුමා

:       3       43

Wije Tuesday, 30 April 2024 12:03 PM

නීතියෙන් බේරෙයි, නමුත් කර්මය ඔබ සොයා එනු ඇත. එතෙක් කා බී නටා තක්කඩිකම්, අමනකම් කරකර ඉන්න...!

:       0       10

Nimal Tuesday, 30 April 2024 12:18 PM

කෝකෙන් බේරුණත්, කර්මයෙන් බේරෙන්න බෑ. ඕවා පඩිසන් දෙන්නේ මහ අමුතු විදිවලට... ඔය හොරාකාපු ඒවගෙන් ගෙවල් එහෙම හදලා නම්, සමහර විට ආත්ම දහස් ගාණක් හරියට හිසට වහලක් නැතිව දුක් විඳ විඳ ඉන්න වෙන්නේ...!

:       0       6

Nimal Tuesday, 30 April 2024 12:47 PM

මූ මොන ආසනේ එකාද? ආයේ නම් ජීවිතේට මූට ඡන්දේ දෙන්න එපා

:       3       22

Nuwan Tuesday, 30 April 2024 01:17 PM

ජඩ දේශපාලන රැකවරණය තිබෙන තාක් මොවුන් නිදහස්..

:       1       24

WIMAL Tuesday, 30 April 2024 01:22 PM

ලංකාවට සුබම සුබ අනාගතයක්

:       0       5

Aravinda Monarawila Tuesday, 30 April 2024 01:28 PM

ඊළග ආණ්ඩුව ආවාම අලුත් නිතිපතිවරයෙක් යටාත් අපි ඔය නඩු අලුතින්ම අහමු මහින්ද මහත්තයෝ

:       0       5

Prabha Tuesday, 30 April 2024 01:39 PM

ජනපති එක්ක මංගල්‍යය සාර්ථකව කරගෙන යනවා වගේ

:       1       18

fairoos Tuesday, 30 April 2024 02:35 PM

නියම තීන්දුව ස්වබාදහමින් හම්බවෙයි

:       0       5

shanthaTuesday, 30 April 2024 07:19 PM

මිනිහට.. බොරු කියන කටට, සොබාදහමෙන් ඔය හම්බවෙලා තියෙන දඬුවම මදිද ? කට වටේටම කබර දාලා.

:       0       1

Hafeel Tuesday, 30 April 2024 02:41 PM

ජනතාව මේක තමයි තීන්දුව කියලා කලින් දැනගෙන සිටියා. දැන් සති දෙකකට කලින් විමල් නිදොස් කොට නිදහස් කෙරුවා. මේක හරියට Highlights Matches වගේ... ජනතාව කලින් දන්නවා මෙහෙම වේවි කියලා. ඉදිරියේදී තවත් එන්න නියමිතයි...!

:       0       6

රාලහාමි Tuesday, 30 April 2024 04:28 PM

ඒ වුනාට ගූ නැව ගෙන්වද්දී කෝටි ගානක් කොමිස් ගහපු නඩුවෙන් මේකා යනවා කුඩුවට,බෝගම්බර හිරගෙදර වැසිකිලි පාටියට.ලෝකයේ එකම දේශපාලුවා අසුචි අදින්න කොන්ත්‍රාත් එකක් ගහපු

:       0       7

Kazi Shajahan Tuesday, 30 April 2024 04:34 PM

නමුත් ජනතා අධිකරණයෙන් මහින්දානන්දට බේරෙන්න බැහැ. රනිල්ට පින් සිද්ද වෙන්න නිදහස් වුණා.

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි
2024 මැයි මස 17 166 0

කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති නිසා එම මාර්ගය අද 17 රාත්‍රී අටේ සිට හෙට අලුයම හය දක්වා වසා


චන්ද්‍රිකා ඉන්දුනීසියාවට
2024 මැයි මස 17 539 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට නියමිතය.


රාජ්‍ය සේවක වැඩ ගැන සමීක්ෂණයක් අවශ්‍යයි
2024 මැයි මස 17 292 0

දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයු


තායිවාන පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්
2024 මැයි මස 17 622 0

ව්‍යස්ථාදායක බහුතරය නොමැතිව තායිවාන ජනාධිපති ධුරය බාර ගැනීමට ලායි චින්ග් ටේ සූදානම් වෙද්දී එරට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතිවූ මතභේදාත්ම


‘‘බැසිල්ගේ ඉල්ලීමට ජනපතිගෙන් ප්‍රතිචාරයක් නෑතිලු‘‘
2024 මැයි මස 17 1070 3

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.


රණවිරු සැමරුමට රථවාහන සැලැස්මක්
2024 මැයි මස 17 246 0

15 වැනි රණවිරු දින සැමරුම් උත්සවය සැමරීම හේතුවෙන් අනිද්දා (19) පස්වරු 3.00 ට පොල්දූව හන්දිය, කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව, ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 762 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2299 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1970 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site