(ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබේ .
අද(30) උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුවේ නායක ගුවන් භටයා සතුව තිබූ ටී.- 56 වර්ගයේ ගිනි අවිය එසේ වැරදීමකින් පත්තු වී තිබූ අතර කිසිදු ජීවිත හානියක් එයින් සිදු වී නොමැති බව ද වාර්තා වේ .
ෙකටුනායක ගුවන් තොටුපොළ තුළ විශේෂ ප්‍රභූ අමුත්තන් සහ මුදල් ගෙවා මෙම පහසුකම් ගුවන් තොටුපොළෙන් ලබා ගන්නා ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් මෙම පර්යන්තය හරහා නිරත නිතර ගමන් ගැනීම සිදු කරති .
මේ වනවිට මෙම නායක ගුවන් භටයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.
පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගුවන්තොටේ ගුවන් සෙබළාගේ ගිනි අවිය පත්තුවෙයි
Piyananda Tuesday, 30 April 2024 12:44 PM
අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා. හැබැයි නියම මිනිහ ඔතනින් යනකොට.
Dr. Vajira Fernando Tuesday, 30 April 2024 12:44 PM
යුද්ධයක් නැති කිසිම රටක ගුවන් තොටුපල සිවිල් කටයුතු සඳහා ආයුධ සන්නද්ධ සෙබළුන් යොදවන්නේ නෑ.
Dr. k0k0Tuesday, 30 April 2024 01:00 PM
ඔව් ඩොක්ටර්, ඔයා හරි...!
කරු London Wednesday, 01 May 2024 09:54 AM
විජිත ප්‍රනාන්දු, නිකමට London Victoria Station එකට වුණත් ගිහින් බලන්න. Heavily armed පොලිසිය ඉන්න හැටි. Heathrow, Luton, Gatwick වගේ ඒවාට යන්න ඕන නෑ.
Aravinda Monarawila Tuesday, 30 April 2024 01:24 PM
රටට ගොඩ බහින කොට ගිනි අවි අත දරා ගත් සොල්දාදුවෝ මුලින්ම සංචාරකයන්ට විදේශ ආයෝජකයන්ට පෙනෙන්න ඉන්න එක සුබ නැ
හේමචන්ද්‍ර Tuesday, 30 April 2024 01:31 PM
ඕවා නිකං තියෙනකොට අක්‍රිය වෙන්න පුළුවන්. ඒ නිසා ඉඳලා හිටලා වෙඩිල්ලක් දෙකක් පත්තුකෙරුවට මක් වෙනවද. ඕක උවමනාවෙලාවටම පත්තු උනේ නැත්නම්
Bunny Preena Tuesday, 30 April 2024 01:32 PM
ගුවන් සෙබලා නිදිමතේ හිටියා වත්ද?
kularathnaTuesday, 30 April 2024 05:24 PM
බීලාද කොහේද? ගුවන් හමුදාවේ ඉන්න අයගෙන් ගොඩක් ඉන්නේ බීලා. අපරාදේ බුලට් එක... අවශ්‍ය කෙනාට තිබ්බා නම් ඔය හාදයා අද ජාතික වීරයෙක්.
shantha Tuesday, 30 April 2024 04:22 PM
යකෝ මුන්ට ඔල්මොරෝන්දන්ද ? ගුවන් හමුදාවේ ඔක්කොටම අලුතෙන්ම හමුදා විනය ඉගැන්විය යුතුයි. දැනට නම් උන්ගේ තියෙන්නේ බොරු ශෝබනේ විතරයි,කාලකන්නි.ඔතන හිටපු විදේශිකයෙකුට වෙඩි වැදුනානම්...මේ ලෝකයේ එකම ගුවන්තොටුපොළ පිස්සන් විසින් ආරක්ෂාව සපයන.
Lankabarana Wednesday, 01 May 2024 05:25 AM
රජයේ දේපළ වලට දේශපාලුවන්ගේ නම් යොදනවා නම් ඒ නම් අයිතිය තියෙන පවුල් වලින් වාර්ෂිකව රජයට ආදායම් ගන්න ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕන .එහෙම බැරිනම් එම නම් ඉවත්කරන්න ඕන. මොකද ඕවා හදන්න නඩත්තු කරන්න ජනතා මුදල් යොදාගෙන තියෙන නිසා. උදාහරණයක් හැටියට මත්තල ගුවන් තොටුපොළ හැදුවෙ ලංකාව ලෝකෙට ණයවෙලා .ඒ ණය ගෙවීමට රටේ සියලු ජනතාවට සිදුවෙලා තියෙනවා .එහෙම නම් එය ඉදිකිරීම් කරද්දී හොරකම් කලාට අමතරව නම බබලවන්නත් කටයුතු කිරීම සාධාරණයක් නැහැ ඒ වගේ රට තුල තියෙන ජාතික සම්පත් වලින් දේශපාලුවන්ගේ නම් ඉවත්කරන්න ඕන. පුද්ගලික වාසියට කරන මේවායින් බදු ගැනීම කිසිම වරදක් නැහැ
Perera Wednesday, 01 May 2024 05:44 AM
ඕවා ඕන වෙලාවට පත්තුවෙන්නේ නැති එක ගැන දුකයි